19 වන සංශෝධනයේ යහපත් අංග තිබෙනවා ; ඒවා රැකගත යුතුයි – වාසු

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යහපත් අංග තිබු බවත් ඒවා රැකගත යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානයේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ නොදීම , තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදීම , ජනාධිපතිගේ තනතුරු දැරීමේ කාලය සීමා කිරීම, ආදිය එම යහපත් ලක්ෂණ බව නානායක්කාර මහතා කියයි .
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබාදෙන වගන්ති 20 වන සංශෝධනයෙන් ඉවත් කල යුතු බව ද ඒ මහතා කියයි.
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයා හමුවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පලකොට තිබේ.
