සමගි ජන බලවේගයේ තවත් පක්ෂයක් වෙන්න එජාපය සුදානම් නෑ – නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

පවතින දේශපාලන වාතාවරණය තුළ සමගි ජන බලවේගය සමග මෙන්ම විපක්ෂයේ අනෙක් පක්ෂ සමග ද එක්ව කටයුතු කිරීමට සුදානම් නමුත් සමගි ජන බලවේගය තුළ තවත් පක්ෂයක් ලෙස කටයුතු කිරීමට තමන්ගේ සුදානමක් නැති බව එජාප නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

තමන්ගේ අරමුණ වන්නේ පක්ෂය ප්‍රතිසංවිධානය කොට යලි ගොඩනැගීම බව කියන ඒ මහතා ළඟ එන පළාත් සභා මැතිවරණයේ දී එතරම් හොඳ ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වුව ද , තම ඉලක්කය වන්නේ පළාත් පාලන මැතිවරණය වනවිට පක්ෂය වඩාත් ශක්තිමත් ව ගොඩනැගීම බව ද ප්‍රකාශ කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන් ම කරු ජයසුරිය මහතාගේ ද උපදෙස් හා අනුග්‍රහය පක්ෂයට දිගට ම අවශ්‍ය වන බව ද විජේවර්ධන මහතා කී ය.

කරු ජයසුරිය , සජිත් ප්‍රේමදාස , තලතා අතුකෝරල , රන්ජිත් මද්දුම බණ්ඩාර ආදී බොහෝ දෙනා තමන්ට කතාකොට සුභ පතු බව ද ඒ මහතා පැවසී ය.

රුවන් විජේවර්ධන මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ යු ටියුබ් හි ට්රුත් විත් චමුදිත වැඩ සටහනට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *