කහ ගෙන්වීම තහනම් කළ ආණ්ඩුව සහල් ටොන් ලක්ෂයක් ගෙන්වයි !

සහල් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේ ය.
සහල් මිල තව දුරටත් ඉහල යාම වැලැක්වීම සඳහා මෙම පියවර ගන්න බව ඒ මහතා කියයි.
කුඩා සහ මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරව මේ බව ප්‍රකාශ කළේ ය.
මෙලෙස ආණ්ඩුව සහල් ගෙන්වන්නට යන්නේ කහ , බඩ ඉරිඟු ඇතුළු භාණ්ඩ රාශියක් ගෙන්වීම තහනම් කොට තිබිය දී ය. මේ නිසා වෙළඳපොලේ කහ හිගයක් පවතින අතර මිල විශාල ලෙස ඉහල ගොස් ඇත.
බද ඉරිඟු තහනම නිසා කුකුළු කෑම මිල ඉහල යාම නිසා කුකුළු ගොවිපල හිමියන් ද අපහසුතාවයට පත් ව තිබේ.
