වෛද්‍ය සභාවේ අත් වැරදීමකින් වෛද්‍ය පීට හතක් කැපිලා !

රුසියානු සරසවි තුනක ලියාපදිංචිය අහෝසි කිරීම වෛද්‍ය සභාවේ එක් නිලධාරියකුගේ අත් වැරදීමකින් සිදුවූවක් බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා කියයි.
විදෙස් වෛද්‍ය පීට තුනක් නොව හතක් මෙලෙස කැපී ඇති බව ඒ මහතා කියයි.
විදෙස් වෛද්‍ය විද්‍යාලවල ලියාපදිංචිය අහෝසි කිරීමට වෛද්‍ය සභාවට බලයක් නැති බවත් එම බලය ඇත්තේ ඇමතිවරයාට බවත් වෛද්‍ය සභාවේ සභාපතිතුමා වැඩිදුරටත් පවසා තිබේ.
