ආණ්ඩුව 20 හකුලාගන්නා බව පොහොට්ටු මන්ත්‍රී ගෙවිඳු කියයි ; ජනාධිපතිත් පොරොන්දු වෙලා !

ආණ්ඩුව ගැසට් කළ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් , ඒ වෙනුවට අලුතින් සැකසු 20 වන සංශෝධනයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද ප්‍රකාශ කළේ ය.
ගැසට් කළ 20 සංශෝධනය ඉදිරියට ගෙන නොයන බවට ජනාධිපතිතුමා එකඟ වූ බව ඒ මහතා පැවසීය .
කොළඹ 5 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව හෙළිකළේ ය.
ආණ්ඩුව මෙම පියවර ගත්තේ ජනමතයට කන්දීමක් ලෙස බව ද කුමාරතුංග මහතා වැඩි දුරටත් පැවසී ය.
