වැඩි ඡන්ද 18 කින් රවී පරදා රුවන් එජාප නියෝජ්‍ය නායකත්වය හිමි කර ගනී

එජාප නියෝජ්‍ය නායක තනතුර සඳහා පක්ෂයේ කෘතියධිකරී මණ්ඩලයේ පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද 18 කින් රවී කරුණානායක මහතා පරාජය කරමින් රුවන් විජේවර්ධන මහතා එම තනතුර හිමි කරගෙන තිබේ.
රහස් ඡන්දයේ දී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28 ක් හිමි වී ඇති අතර රවී කරුණානායක මහතාට හිමි වී ඇත්තේ ඡන්ද 10 කි.
පක්ෂයේ නායකත්වය ලබන ජනවාරි මාසය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ම දරනු ඇතැයි කියති.
