20 සංශෝධනයෙන් අංශ හතරක වගවීම , විනිවිදභාවය අනතුරේ – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් රජයේ වැදගත්ම අංශ හතරක ක්‍රියාකාරීත්වය අඩාළ වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියයි,
ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම සහ කොමිසන් සභා පත්කිරීමේ බලය ජනාධිපති අතට පත්වීම නිසා මෙම තත්ත්වය ඇතිවන බව එම සංවිධානය කියයි.
එලෙස ක්‍රියාකාරීත්වය අඩාළ වන්නේ මෙම ආයතනවල යි.
-තොරතුරු කොමිසම පත්කිරීමේ බලය ජනපති අතට ගැනීමෙන් තොරතුරු දැනගැනීමේ අයිතියෙහි ක්‍රියාකාරීත්වය අවධානමකට ලක්වෙයි.
– විගණන කොමිසම අහෝසි කිරීමෙන්, රාජ්‍ය වියදම් නිරීක්ෂණය දුර්වල කරයි.
– අල්ලස් කොමිසමේ විමර්ශන බලය අඩපන කරයි.
– පොදු දේපල අවභාවිතයට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට ඇති බලය සීමා වේ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවක දී එහි විධායක අධ්යක්ෂ අශෝක ඔබේසේකර මහතා මෙම කරුණු හෙළිදරවු කළේ ය.
