හිටපු කතානායක කරු සාධාරණ සමාජ ව්‍යාපාරයේ සභාපති ධුරයට

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති තනතුරට හිටපු කතානායක කරු ජයසුරිය මහතා පත්කර ඇත. පසුගිය දා රැස් වූ එම සංවිධානයේ විධායක කමිටුව ඒකමතිකව මෙම පත්කිරීම සිදුකොට තිබේ.
මෙම සංවිධානයේ ආරම්භක සභාපති වුයේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ය . ඒ හිමියන් අපවත්වීමෙන් පසු එම තනතුරට මහාචාර්ය සරත් විජේසුරිය මහතා පත් කරගනු ලැබී ය.
කරු ජයසුරිය මහතා නව සභාපති ලෙස පත් කරගෙන ඇත්තේ සංවිධානය වඩාත් ශක්තිමත් කිරීමට බව කියති.
