වසර දෙකකින් අයින් වෙන්නේ නැහැ ; පහ ම ඉන්නවා – අගමැති මහින්ද

වසර දෙකකින් අගමැති ධුරයෙන් ඉවත්වීමට තමන්ගේ කිසිදු අදහසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත . තමන්ට ජනවරම ලැබී ඇත්තේ වසර පහකට බවත්, එම වසර පහ ම තනතුර දැරීම තම අරමුණ බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකකින් පසු ඉවත් වී වෙනත් රාජපක්ෂ වරයකුට අගමැති තනතුර ලබාදීමට යන බවට පසුගිය දිනවල වාර්තා පල වී තිබිණි.
ඒ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලෙස රාජපක්ෂ මහතා ඉහත සදහන් ප්‍රකාශය සිදුකොට තිබේ.
