අපිව පොල්කුඩු ගණනට දාලා 20 ට චන්දෙ ඉල්ලන්න එන්න එපා ; ඇමති දුර නොලැබූ ප්‍රබලයෝ ජනපතිට දන්වති

ආණ්ඩුව ගොඩ නැගීමට විශාල වැඩ කොටසක් කළ තමන්ට ඇමති ධුර ලබාදීමේ දී නොසලකා හැර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම චන්දය බලාපොරොත්තු නොවන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇති බව දැනගන්නට ඇත.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබලයකු මේ බව පොහොට්ටුවේ නායකයින් වෙත දන්වා ඇත.
තවත් කිහිප දෙනෙකු තම ස්ථාවරය ජනාධිපතිගේ කිට්ටුවන්තයන් සමග පවසා ඇත්තේ ජනාධිපතිට ආරංචි වන ආකාරයෙනි.
දැන් මේ තොරතුරු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් අතර කතා බහට ලක්ව ඇතැයි කියති.
