20 ට විරුද්ධ වෙන්න සජබ තීරණය කරයි ; හකීම් , මනෝ , දිගම්බරම් සියලු දෙනා එකට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20 වන සංශෝධනයට විරුද්ධවීමටත්, එයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සංවිධානය කිරීමටත් අද රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළේ ය.
මෙම තීරණයට රවුෆ් හකීම් , මනෝ ගනේෂන් , දිගම්බරම් ඇතුළු සජබ ට අයත් සියලු පක්ෂවල සහාය හිමි වී තිබේ.
තම විරෝධතා වැඩ පිළිවෙල හෙට සිටම ඇරඹීමට එම පක්ෂ තීරණය කොට ඇත .
