දුමින්ද සිල්වා නිදහස් කරගැනීම වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් මුට්ටිය දායි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව මරණීය දණ්ඩනය පනවමින් ලබාදී ඇති නඩු තීන්දුව දේශපාලනික ආකරයෙන් යම් කොමිෂන් සභාවක් මඟින් හෝ නැවත විවරණය කළ හැකි බවත් මෙම නඩු තීන්දුව පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අවධාරණය කරයි.
“අපි දැක්කා දුමින්ද සිල්වා මහත්තයාගේ තීන්දුවට අදාළ වෙච්ච නඩුකාරවරුන් දේශපාලනඥයින් එක්ක සාකච්ඡා කරනවා. ඒ අනුව අපට බැලුවාම යම් ආකාරයේ කොමිෂන් සභා හෝ යම් ආකාරයේ දේශපාලනික වශයෙන් යම් ආකාරයේ නැවත විවරණය කිරීමක් තුළ යම් නිවැරදි කිරීමක් කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්.

වැරදිකාරයෙක් නීතියෙන් බැහැර වෙනවාට වඩා නිවැරදිකාරයෙක් නීතියේ රැහැනට අසුවෙලා දඬුවම් විඳිනවා නම් ඒක විශාල පාපයක්.
දැන් දැක්කා රංජන් රාමනායක මහත්තයා එක්ක කොහොමද ඒ නඩුකාරවරු සාකච්ඡා කළේ කියලා. ඒ සාකච්ඡාවන් ඒ නඩු තීන්දුවට බලපෑවද යන්න පිළිබඳ විශේෂ විමර්ෂණයක් කිරීම සුදුසුයි කියලා මම කියනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා මේ බව පැවසුවේ හිරු ටීවී මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.
RN
LANKANEWSWEB
