19 අහෝසිකිරීම මුහුණත් සමග තරහ වී නහය කපා ගැනීමක් – හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කිරීම මුහුණ සමග තරහ වී නහය කපා ගැනීම වැනි අඥාන ක්‍රියාවක් බව අපක්ෂපාත කීර්තිමත් රාජ්‍ය සේවකයකු ලෙස පිලිගැනීමක් ඇති හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියකු වීමට උත්සාහ නොදරුව ද 19 සංශෝධනය අහෝසි කළහොත් අනාගතයේ ඉඩි අමීන් හෝ රොබට් මුගාබේ වැනි ආඥාදායකයකු මෙරට බිහිවීමට මඟ පෑදෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
The Island – Online හි පලකොට ඇති ලිපියක් මගින් මෙම කරුණු ප්‍රකාශ කරන ඔස්ටින් ප්‍රනාන්දු මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වැදගත්කම දීර්ග ලෙස පැහැදිලි කොට තිබේ . මෙබඳු සංවරණ හා තුලන ක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අවශ්‍ය බව ඒ මහතා පැහැදිලි කොට ඇත.
වැඩි විස්තර සඳහා ඉංග්‍රීසි ලිපිය බලන්න
