රාජ්‍ය ආයතන 434න් 126ක් රාජපක්ෂ පවුල අතේ – මනුෂ නානායක්කාර

434ක් වන සමස්ත රාජ්‍ය ආයතන සංඛ්‍යාවෙන් 126ක් ම රාජපක්ෂ පවුල අත තබාගෙන සිටින බවත් වැදගත්ම ආයතන ඇතුලත්වන මෙම සංඛ්‍යාව රාජ්‍ය ආයතන සංඛ්‍යාවෙන් සියයට තිහක් බවත් සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල්, බුද්ධ ශාසන , සහ නාගරික සංවර්ධන යන කැබිනට් ඇමති ධුර තුනක් තමාවෙත තබාගෙන ඇති බවත් රාජ්‍ය ආයතන 76ක් ඒ මහතා යටතේ ඇති බවත් මනුෂ නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසී ය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමති ධුරයක් නොදරා ම කොවිඩ් කමිටුව හරහා ප්‍රධාන පෙලේ ආයතන ගණනාවක් පාලනය කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් ඒ මහතා මේ කරුණු හෙළිදරවු කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *