අතුරු සම්මත ගිණුම රුපියල් ට්‍රිලියන 1.7කට අධිකයි. ට්‍රිලියන 1.3ක්ම ණය ගැනීමට අපේක්ෂිතයි

2020 සැප්තැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම ඊයේ (21) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. 

මෙම අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1747.6ක් වෙන් කරවා ගැනීමට ඉල්ලා ඇති අතර එහිදී එම කාලසීමාව තුළ රුපියල් බිලියන 1300ක මුදලක් දේශීය හෝ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට ද අපේක්ෂිතය. 

අගෝස්තු 27 වනදා සහ 28 වනදා මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවෙහි විවාදයට ගැනීමට නියමිතව ඇත. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *