කොවිඩ් 19 ට කලින් ම ආර්ථිකය 1.6% කින් වැටිලා

මෙම වසරේ මුල් කාර්තුවේ දී , එනම් ජනවාරි සිට මාර්තු 31 දක්වා කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 1.6 ක පසුබැස්මක් සිදුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
කොවිඩ් 19 ආසාදිතයන් පැමිණීමෙන් පසු ව ගුවන් තොටුපල වස දමන ලද්දේ මාර්තු 19 දා වන අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලද්දේ ඉන් පසුව ය. එබැවින් මෙම ආර්ථික පසුබැස්ම එම දින දහයේ සිදුවීමක් නොවන බව පැහැදිලිය. මෙහි තේරුම නම් වසර මුල සිට ම ආර්ථිකය පසුබෑමට ලක්ව ඇති බවයි.
ශ්‍රී ලංකා මහා බැංකුව මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡාවක් කළ බව මහා බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කොට ඇත.
