පසුගිය දිනවල ක්‍රියාත්මක කළ විදුලිය කැපීම අද රාත්‍රී සිට නවතා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
නොරෙච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පද්ධතියට එක්කළ හැකි වූ බැවින් මෙලෙස විදුලිය කැපීම නවතා ඇත.
එම බලාගාරයේ අනෙක් යන්ත්‍ර දෙක සඳුදා වනවිට ක්‍රියාත්මක කළ හැකි වන බව මණ්ඩලය විශ්වාස කරයි.