සජිත් එක්ක ගිය මන්ත්‍රීවරු 54ක් එජාපයෙන් නෙරපා දමයි ; පක්ෂයට සහය නොදුන් පළාත් පාලන නියෝජිතයන් 61 කටත් එම තීන්දුව ම

සජිත් පිලෙන් මහ මැතිවරණයට තරග වැදීමට නාම යෝජනා භාරදුන් හිටපු මන්ත්‍රීවරුන් 54ක් සහ මැතිවරණයේදී පක්ෂයට සහය නොදුන් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් 61ක් පක්ෂයෙන් නෙරපා හැරීමට එකසත්ජතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කොට ඇත.
එජාපයෙන් නෙරපීමට එරෙහිව සජිත් පිල අධිකරණයට ගියද අතුරුතහනම් නියෝගයක් දීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. එයට එරෙහිව ඔවුන් ඉදිරිපත් කළ අභියාචනය නඩු ගාස්තුවට ද යටත් කොට නිෂ්ප්‍රභා කරනු ලැබුවේ විභාගයට නොගෙන ය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා කීවේ පක්ෂයට එරෙහිව ක්‍රියාකරන සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව යි.
