කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ජවිපෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්!

messenger sharing button

කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල ඩෝසර් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. 

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා විසිනි.

වැඩබලන පොලිස්පතිවරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරී මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්, මහාචාර්ය සෙනරත් දිසානායක මහතා, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *