බළලා මල්ලෙන් පනී ! රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීම පිටුපස ගෝටා !

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා තිබු බුවනෙකබාහු රජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමට හේතුව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති මැතිවරණ රැළියක දී ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිතුමා කීවේ මෙය හෝටලයක් බවයි. තමන් නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ව සිටිය දී මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා ලබාදෙන ලෙස ඉල්ලුම් කළත් හෝටලේ අයිතිකරු එය ලබා නොදුන් බව ද ජනාධිපති තුමා කී ය.

ජනාධිපතිතුමා කීවේ බුවනෙක යනු අන් කිසිවකු නොව හෝටලේ හිමිකරුගේ පුතා බව යි.

ඓතිහාසික බුවනකබාහු රාජසභා මණ්ඩපය කඩා දමද්දී නිහඬ ඇයිදැයි ජනතාව හඬ නගමින් කළ විරෝධයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා මේ බව කී ය.

නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කරන්නට බැරි වූ දෙය ජනාධිපති ලෙස කරන බවක්  ගොටාභය රාජපක්ෂ මහතා කීවේ නැත.

ජනාධිපතිතුමා කියන දේ ඇත්ත නම් අතීතයේ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එහි වර්තමාන හිමිකරුගේ පුතා වන බුවනෙක විසිනි.

පෞද්ගලික ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කොට දීමට නාගරික සංවර්ධන අධිකාරියට තිබු වුවමනාව කුමක්ද යන්න තවත් ප්‍රශ්නයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *