මෛත්‍රීපාල යහපාලනයට එක් වූයේ කුමන්ත්රණයකටදැයි සැකයක් මතු වනවා – රවී කරුණානායක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ආණ්ඩුවට එක් වූයේ කුමන්ත්රණයක කොටසක් ලෙසින් බවට සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු මුදල් ඇමැති එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක රවී කරුණානායක මහතා පවසයි.සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දැමූ බව කියා සිටින ඒ මහතා ජනාධිපතිධුර කාලයේදී පවා රටට සිදු කළ සේවයක් නැති බවද කියා සිටි.
කුමන්ත්‍රණකාරයන්ගෙන් එක්සත් ජාතික පක්ෂයද මේ වනවිට ආරක්ෂා වී ඇති බව කියා සිටින රවී කරුණානායක මහතා ලංකාවේ පැරණිතම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය මේ වනවිට පිරිසුදු වී ඇති බවත් කියා සිටි.
රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අලියා ලකුණ සහ පක්ෂය සමඟ එක්ව සිටින බව අවධාරණය කරන රවී කරුණානායක මහතා මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් එක්සත් ජාතික පක්ෂය හිමි කරගන්නා බවද කියා සිටි.
රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ දිනමිණ සමඟ සිදු කළ සාකච්ඡාවකදීය.
සුභාෂිණී සේනානායක
දිනමිණ
