දුම්රිය රියැදුරෝ හෙට සිට වර්ජනයකට !

සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට මධ්‍යහන 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය .

අද (27) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

2008 සිට 2010 දක්වා කාලය තුලදී දුම්රිය දෙපාර්තුමේන්තුවට විශාල හානියක් සිදු කළ සහ 2011-2012 කාලය තුල ප්‍රවාහන අමාත්‍යංශයේ කටයුතු අඩාල කළ ආචාර්‍ය ලලිතසිරි ගුණරුවන් මහතාව නැවතත් දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩකටයුතු වලට සම්බන්ධ කර ගැනීමට විරෝධය පෑමට මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිය සහ දුම්රිය නියාමක සංගමයත් සමඟ එක්ව අද සාකච්ඡා පැවැත්වූ බවත් තම ඉල්ලිම් වලට එකඟ නොවන්නේ නම් හෙට දින දහවල් 12 සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට එහිදී තීරණය වූ බවත් වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කළේ ය .

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *