සජිත් පිලේ කලවානේ රැස්වීමකට එජාප පාක්ෂිකයන්ගෙන් බාධා

කලවානේ නගර අසන්න නිවෙසක අද පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකට එජාප පාක්ෂිකයන් යයි කියන පිරිසකගේ බාදා එල්ල වූ බව වාර්තා වෙයි .

රැස්වීම පැවති ස්ථානයට පැමිණි කණ්ඩායමක් හු කියමින් සටන්පාට කියමින්ජ් හැසිරීම නිසා පොලිසිය කැඳවා ඔවුන් ඉවත් කිරීමට සංවිධායකයින්ට සිදුවිය .

නැවත වරක් පැමිණි කිහිප දෙනෙක් යලිත් බාධා කිරීම නිසා එක් අයකු අත් අඩංගුවට ගෙන සෙසු පිරිස පලවා හැරීමට පොලිසිය කටයුතු කොට ඇත.

මෙම රැස්වීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , හිටපු ඇමතිනි තලතා අතුකෝරාල ඇතුළු නායකයෝ  සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *