ගුණරුවන් කමිටු වාර්තාවේ බොරු ? MCC ගිවිසුම යටතේ කිසිදු මුදලක් ලංකාවට දුන්නේ නෑ – ඇමරිකානු තානාපති කාර්යාලය කියයි

යෝජිත MCC ගිවිසුම යටතේ වන ඇමරිකානු ඩොලර් මිලියන 480න් කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමක් හෝ වැය කිරීමක් සිදුකර නොමැති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. 

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ. 

එහෙත් MCC ගිවිසුම පිළිබඳ සලකා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ඊයේ (25) ජනාධිපතිවරයා හමුවේම චෝදනා කර තිබුණේ පසුගිය යහපාලන රජය එම ගිවිසුමේ අදියර දෙකක් අත්සන් තබා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ලබාගෙන ඇති බවත් එම මුදල් වැය කළ ආකාරය පිළිබඳ ගිණුම්ගත කිරීමක් හෝ සිදුකර නොතිබුණු බවටත්ය. 

ඒ අනුව සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සාවද්‍ය තොරතුරු සහිත වාර්තාවක් සපයමින් ජනාධිපතිවරයාව ද නොමඟ යවා ඇති බවක් පෙනේ. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *