ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගැන කරුණාට එරෙහිව පරීක්‍ෂණයක් ඉල්ලති

ජාත්‍යන්තර නීතිය යටතේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්  ලෙස නම්කොට ඇති ළමා සොල්ලාදුවන් බඳවාගැනීම පිළිබඳව කරුණා අම්මාන්ට එරෙහිව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට සුදානමක් පිළිබඳව ජිනීවා නුවර ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග හෙළි කරයි .

කරුණා අම්මාන් එල් ටී ටී ඊ නායකයකුව සිටියදී බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් බඳවාගැනීම ගැන ඔහුට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මගින් චෝදනා එල්ල කොට තිබිණි. එසේ වුවද එම චෝදනා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොවී ය.

දැන් වුව ද කරුණා අම්මාන් සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයක දී ඔහුට එරෙහිව ඇති මෙම බරපතළ චෝදනාවට ප්‍රමුකත්වය දිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල මතය වී ඇතැයි කියති.

කරුණා අම්මාන් එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන් වූ අවස්ථාවේ ඔහු යටතේ සිටි ළමා සොල්ලාදුවන් විශාල පිරිසක් ප්‍රසිද්දියේ නිදහස් කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *