ගුවන් තොටුපළ ජුලි 15 දා අරින ලකුණු

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ජුලි 15 දා  විවෘත කිරීම ගැන රජයේ අවධානය යොමු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කිය යි .

මීට පෙර තීරණය කොට තිබුනේ අගෝස්තු 1 දා සිට ගුවන්තොටුපල විවෘත කිරීමට ය.

කෙසේ වෙතත් ගුවන්සේවා සමාගම් පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත්තේ හැකිතාක් ඉක්මනින් ගුවන් තොටුපල විවෘත කරන ලෙස යි. නිරෝධායන නීති යටතේ සේවා පවත්වාගෙන යාමට තමන් සුදානම් බව සංචාරක සමාගම් නියෝජිතයන් දැනුම් දී ඇත.

නැගෙනහිර ආසියානු රටවල් මෙන් ම යුරෝපය ද තම රටවල ගුවන්තොටුපල විවෘත කරමින් සිටින බව සංචාරක නියෝජිතයන්  පෙන්වා දී ඇත. ඉක්මනින් ගුවන්තොටුපල විවෘත නොකිරීම අපගේ අවාසියට හේතුවිය හැකි බව සංචාරක සමාගම්වල අදහස වී තිබේ.

එම සියලු කරුණු සලකා බලා ගුවන්තොටුපල මෙලෙස කල්තබා විවෘත කරනුඅතයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *