අර්නස්ට් පෝරුතොට පියතුමෝ ස්වර්ගස්ථ වෙති
අර්නස්ට් පෝරුතොට පියතුමන් කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටය දී අද (16) උදෑසන ස්වර්ගස්ථ වුහ.
කුඩා වයසේදීම පූජකවරය ලබාගත් පෝරුතොට පියතුමෝ ස්වර්ගස්ථ වන විට 89 වැනි වියෙහි පසුවුහ.
මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා 1957 පෙබරවාරි 02 පූජකත්වය ලැබුහ.
ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දරන ලදී.
ලේඛකයෙකු හා සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට ද මහත් සේවයක් කළහ.
