අර්ජුන් මහේන්ද්‍රන්ට නමත් එපාවෙලා ! දැන් එයා “හර්ජාන් ඇලෙක්සැන්ඩර්”

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවේ වගඋත්තරකරුවෙකුව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේදී නම වෙනස් කර තිබෙන අතර ඒ අනුව දැන් ඔහු පෙනී සිටින නාමය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා විසින්  අධිකරණය හමුවේ කරුණු දක්වමින්  අද (16)   දැනුම් දී තිබුණි. 

ඒ අනුව ඔහු දැන් පෙනී සිටින්නේ “හර්ජාන් ඇලෙක්සැන්ඩර්” යනුවෙනි. 

ජාත්‍යන්තර පොලීසිය විසින් ඒ බව දැනුම් දී තිබෙන බවයි නීතිපතිවරයා කියා තිබුණේ. 

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය. 

උදර්පන නීතිය යටතේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සිදුවෙමින් තිබෙන අතර තුර ඔහු මෙලෙස සිය නාමය වෙනස් කරගෙන තිබෙන නමුත් එය ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාදාමයට බාධාවක් නොවන බව සිංගප්පුරු නීතිපති විසින් දැනුම් දී තිබේ. 

කෙසේවෙතත් මෙම තත්ත්වය මත නඩුවේ සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් එය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට නීතිපතිවරයා කටයුතු කරනු ඇති. 

නඩුව එළඹෙන නොවැම්බර් 17ට කල් තැබිණි. 

ASK 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *