කොරෝනා 24ක් හමුවෙයි ; දැන් 295යි ; කොළඹ ඇඳිරි නීතියත් තද කරයි

කොළඹ 12 බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් කොව්ඩ් 19 රෝගීන් 24ක් එකවර හමුවීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 295ක් දක්වා අද ඉහල ගියේ ය. මේ දක්වා එක දිනක දී වාර්තා වූ වැඩි ම රෝගී සංඛ්‍යාව වාර්තා වුයේ අද දිනයේ ය.
ඒ සමග බස්නාහිර පළාතේ හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ද ලබන 27 දා දක්වා දීර්ග කරන බව රජය අද නිවේදනය කළේය . මෙම ප්‍රදේශවල ඇඳිරි නීතිය 22 දා ලිහිල් කිරීමට නියමිතව තිබිණි .
