සෙනග නැතිව බස් දුවන එක පාඩුයි, සහනාධාරයක් ඕනෑ – පෞද්ගලික බස් හිමියෝ ඉල්ලති

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව බස් රථයක ගමන් කළහැකි උපරිම මගීන් ප්‍රමාණය 25 කට සීමා කිරීම හේතුවෙන් බස් රථ ධාවනය කිරීමට සිදුවන්නේ පාඩු ලබමින් බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පාඩු ලබමින් බස් රථ ධාවනය කළහොත් බස් කර්මාන්තය අර්බුද ගණනාවකට මුහුණ දෙන බවයි.

ඔහු අවධාරණය කරන්නේ බස් ධාවනය කිරීමට නම් රජයෙන් යම් සහනාධාරයක් හිමි වියයුතු බවයි.

එක් බස් රථයක මගීන් 25 කට සීමා කිරීම සම්බන්ධයෙන් ද බස් හිමියන් විරෝධය පළ කරනවා. ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අවදානම අඩු කලාපවල අවම වශයෙන් ආසන ගණනට හෝ මගීන් ගෙන යා නොහැකි නම් බස් ධාවනයෙන් ඉවත් වන බවයි. එසේම ඊට අදාලව නීති පද්ධතියක් සම්පාදනය කර නොමැති හෙයින් අදාල සීමාවට වඩා වැඩි ප්‍රමාණයක් මගීන් ප්‍රවාහනය කරන්නේ නම් ඊට එරෙහිව ගන්නා නීති පියවර මොනවාද යන්න පිළිබඳව ද ගැමුණු විජේරත්න මහතා විමසා සිටී.

මේ පිලිබඳව ලිපියක් මගින් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද සභාපතිවරයා පවසනවා.

වෛරසය සම්බන්ධයෙන් තිබෙන අවදානම සලකා බස් රථ ධාවනය ක්‍රමයෙන් ඉහළ දැමීම සුදුසු බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා අවධාරණය කරන්නේ පාඩු පිට බස් රථ ධාවනය සඳහා කිසිසේත් එකඟ නොවන බවයි.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *