කොවිඩ් 19 පාලනයට ගන්නා පියවරවල හානියත් සැලකිල්ලට ගත යුතුයි – ආචාර්ය නිශාන් ද මේල්

කොවිඩ් 19 වසංගතයේ හානි ගැන කතාකරන විට වෛරසය අසාදනය වූ රෝගීන්ගේ හා මියගිය අයගේ සංඛ්‍යාව පමණක් සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් නැති බවත්, එම රෝගය මර්දනයට ගන්න පියවර නිසා ආර්ථිකයට හා ජන ජීවිතයට සිදුවන හානියත් සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම නිසා මිය යන හෝ විපතට පත්වන උදවිය ගැනත් සැලකිල්ලට ගත යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

රෝගය මර්දනය කිරීමේ දී ආණ්ඩුව කෙටි කාලීනව කල්පනා නොකර දිගු කාලින සැලැස්මක් අනුව ක්‍රියාත්මක විය යුතු බව කියන ද මෙල් මහතා විස්සයි-20 ක්‍රිකට් තරගයක් සෙල්ලම් කරන ආකාරයට ටෙස්ට් තරගයක් සෙල්ලම් නොකළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.

ඇඳිරි නීතිය පැනවීම හෝ ඉවත් කිරීම ද , කිසියම් සැලසුමකට අනුව කළ යුතු බවත් , මහජනයා කලබලයට පත් නොවන ලෙස කල් තබා දැනුවත් කිරීම් කළ යුතු බව කී ඒ මහතා මහජනයාට අනතුරුදායක බව අඩු කරගෙන භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඉඩ ලැබෙන පරිදි කෙටි කාල  සඳහා නොව දවසක් තරම් දිගු කාල සඳහා  ඇඳිරි නීතිය ඉවත් කළ යුතු බව ද කිය.

අඩ්වෝකාටා ආයතනය සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයකට අද  සහභාගී වෙමින් ආචාර්ය නිශාන් ද මේල් මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *