මරදානෙන් කොරෝනා අසාදිතයෙක් මතුවෙයි ; මියයයි

ස්වසන රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පෙරේදා ඇතුළත් වූ රෝගියකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව අයි ඩී එච් රෝහලට මාරුකර යැවූ බවත් එහි දී ඔහු මියගිය බවත් වාර්තා විය.

කොවිඩ් 19 රෝගය නිසා ශ්‍රී ලංකාවේ දී මියගිය තෙවෙනි රෝගියා මොහු වෙයි.

මෙම රෝගියා හමුවීමත් සමඟ මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *