ගාල්ල බොහොම අවාසනාවන්ත දිස්ත්‍රික්කයක් බවට රාජපක්ෂ පවුල විසින් පත්කළා – අමාත්‍ය වජිර අබේවර්ධන
ගාල්ලට ලන්දේසි කාලෙට පස්සෙ, පෘතුග්‍රිසි කාලෙට පස්සෙ, ඕලන්ද කාලෙට පස්සෙ, පරංගි ආවට පස්සෙ, ගාල්ල දිස්ත්‍රික්කයේ තිබුණ සියල්ලම ගාල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට අහිමි වුණා. 1994 පස්සෙ ගාල්ලෙ දිස්ත්‍රික්කයේ තිබුණ ඉතිරි ටිකක් අහිමි වුණා. අපි බොහොම අවාසනාවන්තම දිස්ත්‍රික්කයක් බවට රාජපක්ෂ පවුල විසින් පත්කළැයි කියන බව අපි හොඳට මතක තබාගත යුතුයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය 13 වැනිදා ගාල්ලේපැවැති නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක රැලියක් අමතමිනි. මෙම ප්රචාරක රැලිය ගාල්ල නගරයේ වැඩිම ජනතාවක් රැස් වු දේශපාලන ප්රචාරක රැළිය ලෙස තතුදත් පිරිස් කියති.
ගාල්ල දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා මැතිවරණ කොට්ඨාශ නමයකට ඇවිල්ලා අවසන් කරල තියෙනව. අද ගාල්ල දිස්ත්‍රික් මහා රැලිය ගාල්ල නගරයේ පැවැත්වෙනව. අපේ අතීපූජනීය, ගෞරවණීය මහා සංඝරත්නය ඉන්න වෙලාවේ මම මතක්කරන් කැමතියි ගාල්ල නගරෙ කියල කියන්නෙ ඉතා දීරිඝ ඉතිහාසයක් තිබෙන නරගරයක්. කොළඹට වඩා පරණයි. ලංකාවේ තියෙන සෑම නගරයකටම වඩා පරණයි. එහෙම ෙඑතිහාසයක් තියෙන පුරවරයක් තමයි ගාල්ල නගරය. ලෝකෙ ගාල්ලට, ලංකාවේ ගාල්ලට, අපේ ගාල්ල ගැන අපි ප්රකාශනයක් නික්‍රත් කරලා ගාල්ල ගැන කරුණු පැහැදිලි කරල දීලා තියෙනව.
මේ දකූණු පැත්තෙ පේන වාරාය ලන්දේසි කාලේ, පෘතුග්‍රීසි කාලේ, සුද්දගෙ කාලේ නැව් තිහ හතලිහ නවත්තලා තිබුණු වරායක්. වරායක් හදලා තිබුණෙ නෑ. වරායක් නොතිබුණාට නැව් තිහ හතලිහ ඔය ඈත මුහුදෙ නැගුරම් ලා තිබුණා. බත්තල් තුන් හාරසියකින් බඩු ගෙනල්ලා පටවපු නගරයක් ගාල්ල නගරය. ඒකට මොනවද වුණේ? රාජපක්ෂ රජ්ජුරුවො ආවට පස්සෙ දකුණු ලකේ අගනුවර කියන නාමය සදහටම මකල දැම්මා. දකුණු පාළාතෙ ගාල්ල දිස්ත්රික්යෙ ගාල්ල නගරෙ කිව්වම අග නුවර ගාල්ල. ලක්ෂ දාහතරක් මහජනයා ජීවත් වෙනව. මේ නගරයේ ගෙවල් තුල්ක්ෂ විසිහතරදාහක ළමයි අසූ දාහක් අධ්‍යාපනය ලබනව. ලංකාවේ එකම නගරේ ජතික පාසල් 17ක් තිබෙන. අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ගල්ලයි. ගාල්ල නගරේ හිටපු පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ මන්ත්‍රිවරයා රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාත් ගාල්ලෙ. එතුමා පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රි වරයා ගාල්ලෙන් පත්වුණ. එතුමා ගාල්ලෙන් පිටවෙලා ගියේ තවත් ගල්ලෙ පස් පාගන්නෙ නෑ කියල හිතාගෙන. එතුමා ගියාට පසුව සදහටම ගාල්ලට ආවෙ නෑ. එතුමාගෙන් පස්සෙ ගාල්ලෙ නම තියපු විජයානන්ද මහත්තයා, අවුරුදු පණහක් ගාල්ලෙ ෙඑතිහාසික අභිමානය ආරක්ෂා කළා. දහනායක මහත්තයා හදිස්සියෙ ලංකාවෙ අගමැතිවුණා. ගාල්ලෙ මිනිස්සු මොකද කෙරුවෙ. දහනායක මහත්තයව පරාජය කරගත්තා. මහජනයට එවෙලෙ කරන්න තිබුණෙ දහනායක මහත්තයව උඩ දාලා ගාල්ල උඩ දාගන්න. මහජනයා මොකද කෙරුවෙ? දාහනායක මහත්තයා පරද්දලා ගාල්ලා බිම දාගත්තා. දහනායක මහත්තයා වැටුණෙ නෑ. දහනායක මහත්තයා මැරෙනකම්, දේශීය වශයෙනුත් විදේශීය වශයෙනුත් නම තියාගෙන ජීවත් වුණා. කාගෙ ආණ්ඩු තිබුණත් දහනායකට බයයි. ආණ්ඩුවට වෙට්ටුවක් දායි කියන බයට දහනායක මහත්තයව කැබිනට් මණ්ඩලයේ වාඩිකරගෙන හිටියා.
පොදු ජන පෙරමුණු ඉතිහාසය බැලුවාම, නිදහසින් පස්සෙ අවුරුදු හත්තෑ දෙකක් කැබිනට් ඇමතිකමක්වත් නොදෙන දිස්ත්‍රික්කයක් බවට ගාල්ල පරිවර්තනය වෙලා තිබුණා. අපි අහල තියෙනව සිරිපාල සමරසේකර මහත්තයා, නීල් ද අල්විස් මහත්තයා නියෝජ්‍ය ඇමතිකම් විතරයි. දහනායක මහත්තයා විතරයි හැමදාම සදහටම ඇමති. කාගෙ ආණ්ඩු තිබුණත් දහනායකට බය හින්දා කැබිනට් මණ්ඩලයේ වාඩි කරගන්නව. ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් ගාල්ලෙ අනාගතය ගැන කල්පනා කරන්න තියෙනව.
ගාල්ලට ලන්දේසි කාලෙට පස්සෙ, පෘතුග්‍රිසි කාලෙට පස්සෙ, ඕලන්ද කාලෙට පස්සෙ, පරංගි ආවට පස්සෙ, ගාල්ල දිස්ත්‍රික්කයේ තිබුණ සියල්ලම ගාල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට අහිමි වුණා. 1994 පස්සෙ ගාල්ලෙ දිස්ත්‍රික්කයේ තිබුණ ඉතිරි ටිකක් අහිමි වුණා. අපි බොහොම අවාසනාවන්තම දිස්ත්‍රික්කයක් බවට රාජපක්ෂ පවුල විසින් පත්කළැයි කියන බව අපි හොඳට මතක තබාගත යුතුයි. ඔබ හිතලා බලන්න අපිට තිබ්ච්ච සියල්ලම අපිට අහිමි වුණා. අපිට සිලෝන් ගෝල් කෝට් එක අහිමි වුණා. සිලෝන් ගෝල් එයාර් පෝර්ට් එක අපිට අහිමි වුණා. දකුණු පළාතේ හම්බන්තොට වැරදි තැනක වරාය හැදුවා. ලෝකෙ තියෙන මෝඩම වරාය තමයි හම්බන්තොට තිබෙන වරාය. අති දැවැන්ත මහා ධනස්කන්ධයක් විනාශ කරපු වැරදිම වරාය තමයි දකුණු පළාතෙ හම්බන්තොට තියෙන්නෙ. වරායක් හදන්නෙ මූද මැද. වරායවල් හදන්නෙ නෑ ගොඩබිමේ. ඒක හරියට පෙට්ටිගලවත්ත පැත්තෙන් ලොකු තාප්පයක් බැඳලා, පාර කඩලා මුහුද රට ඇතුළට ගෙනාවා වගේ වැඩක් කළේ. හම්බන්තොට මිනිස්සුන්ට කවද හරි මතක් වෙයි පොළොව හෙල්ලිච්ච දවසට, භූමිකම්පාවක් ආපු දවසට තේරෙයි අම්බලන්තොටට යනකම් මහ මුහුදක් හැටියට පරිවර්තනය වෙනව කියලා බය නැතුව ප්‍රකාශ කරන්න පුලුවන්. එච්චරට වැරදි වාරයක් හදල, ඒ වරායට නැව් එන්නෙ නෑ. එතන පෙනී පෙනී නැව් සීයක් දෙසීයක් දවසකට යනවා. එක නැවත් හම්බන්තොට නවත්වන්නේ නෑ. කොළඹට එන නැව් බලෙන් හරවල යවනව හම්බන්තොටට. හම්බන්තොට නවත්වලා බාලනව, මෝටර් සයිකල්, ත්‍රීවීල්, කාර් බස් බානවා. ඒවා බලා අපි හදපු, රනිල් වික්‍රමසිංහගෙ නායකත්වෙයන් 2003 දක්ෂිණ අධිවේගයේ වැඩකටයුතු ගයන්ත, මම අපි ඒ කාලේ ගිහිල්ලා මුල්ගල තියලා වැඩකටයුතු ආරම්භ කළේ. අපිට පේනවා හම්බන්තොට ඉඳලා ඒ පාරදිගේ ඇදගෙන යනවා මෝටර් සයිකල්, ත්‍රිවිල්, බස්, අහිංසක මිනිස්සු මෝටර් සයිකලයක් ගන්න ගියහම රුපියල් පහළොස් දාහක් වැඩියි, ත්‍රීවිල් එකක් ගන්න ගියහම විසිපන් දහසක් වැඩියි. බස් එකක් ගන්න ගියහම ලක්ෂක් වැඩියි. සැලසුමක් නැති වැඩ නිසා ජනතාව අපහසුතාවට පත්වුණා.
මනෝජ් රූපසිංහ
