ගෝඨාගේ පුරවැසිකම : එජාපයෙන් අලි සබ්රිට ප්‍රශ්න පත්‍රයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහුගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණ ද මේ සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් පැන නැඟී ඇති හෙයින් ඔහු ඒවාට පිළිතුරු සැපයිය යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

ඒ අනුව,
1. ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉදිරිපත් කළ අයදුම්පතේ අංකය කුමක්ද ?
2. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා මුදල් ගෙවන ලද්දේ කවදාද ?
3. මුදල් ගෙවූ රිසිට් පත ඉදිරිපත් කරන්නේද ?
4. ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරීන් විසින් නිරවද්‍යභාවය පරීක්ෂා කර සහතික කර තිබේද ?
5. ඉදිරිපත් කළ බව කියන අයදුම්පත අතුරුදන් වූයේ කෙසේද ?
යන ප්‍රශ්න සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මොහොමඩ් අලි සබ්රි මහතාගේ පැහැදිලි කිරීම කුමක්ද යන්න තමන් විමසන බවයි අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
Lankanewsweb
