අමෙරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබා දෙන ඩොලර් මිලියන 480ක ප්‍රදානයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා රජයට අමෙරිකා එක්සත් ජනපදයෙහි සහශ්‍ර අභියෝග ආයතනය ප්‍රදානය කෙරෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල පිළිගැනීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ(29) ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
මෙරට ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හා ඉඩම් කළමනාකරණ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නැංවීමට මේ කිසිදා ආපසු නොගෙවන මේ මුදල ලැබීම වාසියක් වේ.
ශ්‍රී ලංකා රජය හා එම්.එම්.සී. ආයතනය අතර කම්පැක්ට් ගිවිසුම අස්සන් තැබීමට ඊයේ අනුමැතිය ලැබී තිබෙන අතර එය කඩිනමින් අස්සන් තබා වසර 2020 මුල් භාගයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව මේ වන විට වර්ගීකරණය කැර තිබේ. තව මාස දෙකක් ගත වන විට ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික වශයෙන් සවිමත් වුවහොත් මේ ප්‍රදානය නොලැබී යෑමට පවා ඉඩ ඇත. ඒ නිසා ඉතා ඉක්මණින් මේ ප්‍රදානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු වේ. මේ පිළිබඳව සලකා බලා ඇමැති මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.
ජයසිරි මුණසිංහ
දිනමිණ
