පක්ෂය භේද නොකරන්නැයි සජිත්ට ජ්‍යේෂ්ඨයන්ගෙන් අවවාද
ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් පක්ෂයට හානිකර ප්රචාරක ව්‍යාපාරයක නොයෙදෙන ලෙසත්, පක්ෂය අභ්‍යන්තරයේ ප්රශ්නය විසඳාගන්නා ලෙසත්, පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු සජිත් ප්‍රෙමදාස මහතාට අවවාද කොට ඇත.
“සජිත් ඔයා කණිෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලගෙන ඔය කරන වැඩෙන් ඔයා නායකයා වුණත් පක්ෂය පාලනය කරන්නත් බැරිවෙනවා, රට පාලනය කරන්නත් බැරිවෙනවා. ඔයාට වෙන්නේ ඔය මන්ත්‍රිවරුන් පිරිස සතුටු කරන්න ගිහින් විනාශ වෙන්නයි” එක් ඇමතිවරයකු සජිත්ට පවසා ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉල්ලා හරින් ප්‍රනාන්දු ඇමතිවරයා බදුල්ලේ පැවත් වූ රැලියට ද සජිත් වෙනුවෙන් මුලින් පෙනී සිටි මංගල සමරවීර, කබීර් හකීම්, මලික් සමරවික්‍රම වැනි ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් සහභාගි වූයේ නැත.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට කෘත්‍යධිකාරි මණ්ඩලයේ වැඩි බලයක් ඇතත් එහි 35ට 7ක් ලෙස ඡන්දයෙන් සම්මත වූ පරිදි ක්‍රියා නොකර සම්මුතියත් ඇතිකර ගැනීමට උත්සාහ දැරීම පැසසුමට ලක් වී ඇත. සදුදා සජිත් ප්‍රේමදාස මහතා ජල්තර සංවිධානය කළ රැලියට සහභාගි වූ වික්‍රමසිංහ මහතා සජිත් සමග එක වේදිකාවේ සිට ජනතාව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කළා මිස හා වැඩකරන ඇමතිවරයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා අගැයිමට ලක්කළා මිස ගැටුම්කාරි විය හැකි කිසිදු ප්‍රකාශයක් නොකිරීමට පරිස්සම් විය. එයද මේ වන විට පාක්ෂිකයන්ගේ පැසසුමට ලක් වී ඇත.
