ඩොලර් කෝටි 45ක කළු සල්ලි ආපසු රටට ඇවිත් – මුදල් ඇමැති රවී හෙළිකරයි

Raviවිදේශ රටවල තැන්පත් කර ඇති හෙළි නොකළ වත්කම් නවතා මෙරටට ගෙන ඒමට ආණ්ඩුව ප්‍රකාශ කළ සමාව යටතේ මේ වනවිට ඩොලර් මිලියන 450ක් හෙවත් කෝටි 45ක් මෙරටට ලැබී ඇති බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා  ප්‍රකාශ කොට ඇත . සෞදි අරාබියේ ගිණුම්  දෙකකින් හා කටාර් රාජ්‍යයේ ගිණුම් දෙකකින් මෙම මුදල් මෙරටට ලැබී තිබේ .මුදල් ඇමතිවරයා මෙම කරුණු හෙළිදරවු කොට ඇත්තේ මෙරට විදේශීය වාර්තාකරුවන්ගේ සංගමයේ කොළඹ පැවති රැස්වීමකදීය .

විදේශීය රටවල සගවා ඇති කළු සල්ලි මෙරටට ගෙනෙන ලෙසත් , එලෙස ගෙනෙන මුදල් ඉපයූ ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් මුදල් ඇමතිවරයා පසුගිය මාසයේ ප්‍රකාශ කළේය . වංචාකාරී ලෙස උපයාගත් මුදල් සදහා මෙලෙස සහන ලබාදීම ගැන එම අවස්ථාවේදී විවේචනද එල්ල වීය . කෙසේ වෙතත් රට දැන් මුහුණදී ඇති ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මෙම මුදල් ලබාගැනීමට ආණ්ඩුව  තීරණය කොට ඇතිබව පෙනෙන්නට තිබේ . ඉහත කී මුදල් ලැබී ඇත්තේ ඒ සදහා කළ ඉල්ලීමට පිළිතුරු වශයෙනි .

කළු සල්ලි සදහා ලෝකයේ පනවා ඇති නව නීති නිසා  ස්විට්සර්ලන්තයේ හා යුරෝපයේ බැංකු  එම ගිණුම් වල මුදල් ගිණුම් හිමියන්ගේ  මවු රටවල අදායම් බදු සදහා හෙළිදරවු කරන ලෙස ඉන්දියානු සහ ශ්‍රී ලාංකික තැන්පත්කරුවන්ට දැනුම්දීමට පටන්ගෙන ඇති බවද මුදල් ඇමතිතුමා ප්‍රකාශ කොට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *