පක්ෂ රැසක් සන්ධානගතව ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ අගෝස්තු 05 වෙනිදා බිහි කරනවා – රාජිත සේනාරත්න
සන්ධානයේ මූලික වැඩ කටයුතු කරල ඉවරයි. ව්‍යවස්ථාව හදලා ඉවරයි. මේ දවස්වල සංධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය හදාගෙන යනව. ඒකත් පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරල අපි අගෝස්තු 05 වෙනිදා පෙරවරු 10ට සුගත දාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී දහදාහක් ජනතාව ඉදිරියේදි මේ අලුත් පෙරමුණ ජනතාවට පූජා කරනව.
ඒක ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණ වශයෙන් අපි එන්නෙ. නායකත්ව මණ්ඩලයකින් අපි සංධානය ගොඩ නගන්නෙ, මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගන, අනාගතය ගොඩනගන දෑවැන්ත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනව. අනාගත සියලුම මැතිවරණ මේ සන්ධානය ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය කිරීමට අපි ක්‍රියාකරනව. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුයේ ඊයේ (21) කළුතර දී පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
