පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට නඩු දාන්න අදාල සාක්ෂි නීතිපතිවරයාට දී අවසන් – අගමැති
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අදාල සාක්ෂි මේ වනවිටත් පොලීසිය විසින් නීතිපති වරයා වෙත යවා අවසන්. අගමැතිවරයා මේ බව පැවසුවේ පඬුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම හා හෙට්ටිපොල නගරයේ ඉදිකළ නව සති පොළ විවෘත කිරීමේන් අනතුරුව පැවති උත්සව සභාවක් අමතමිනි.
අද පාස්කු ඉරිදා බෝම්බය පිපිරිලා මාස තුනයි. මාස දෙකක් යනකොට මේකට සම්බන්ධ අය ජීවතුන් අතර ඉන්නව නම් ඒ අය සියල්ලම පොලිස් අත්අඩංගුවෙ ඉන්නෙ කියලා මම කියන්න කැමතියි.
ඊට අමතරව මේ අය සමඟ සම්බන්ධකම් පවත්වපු අය, වෙනත් විදිහට අන්තවාදි අදහස් තිබුණ අය දෙසීයක් විතර විභාග කරලා රැඳවුම් නියෝග උඩ අපි තියාගෙන ඉන්නව. සමහරු හිතුවා මේක කරන්න බැරි වෙයි කියලා. කෑ ගහන්නැතුව මේක බාර දුන්නා ආරක්ෂක අංශයට. ඒකෙ ගෞරවය පොලීසියට බාර දෙන්න තියෙනව. රටේ කොහෙවත් දැන් ජාතිවාදි කෝලාහල, ආගම්වාදි කෝලහල ඇතිවෙන්න ඉඩ දීලා නෑ.
ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බයට සම්බන්ධ වුණ අයට නඩු දාන්න සාක්ෂි පොලීසිය විසින් නීතිපතිවරයාට ඉදිරිපත් කරන්න තියෙනව.
මනෝජ් රූපසිංහ
