මම ජනාධිපති වුණොත් රටේ ජනතාවට හොඳ කලක් යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම
තම ජනාධිපති වුණොත් රටේ ජනතාවට හොඳ කලක් යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය .
ඊයේ (21)කළුතර දී පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය .එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා දුන් පිළිතුරු මෙසේය.
මාධ්‍ය – අපිට දැනගන්න ලැබිල තියෙනව, ඔබතුමාව ජනාධිපති අපේක්ෂකයා කරනව කියල?
වෙල්ගම – තාම එහෙම නෑ. ඒ වගේ අවස්ථාවක් ඇති වුණොත් හොඳ කාලයක් උදාවෙයි රටේ ජනතාවට.
මාධ්‍ය – ඔබතුමාට අවස්ථාවක් ලැබුණොත් ඔබතුමා ඉල්ලන්නෙ මොන පැත්තෙන් ද?
වෙල්ගම – ඒවා ඉතින් දැන්ම කියන්න බෑ. ඒවා රහස්. කොහොම වුණත් මම යූ.එන්.පී. එකට හේත්තු වෙන්නෙ නෑ. මැරෙන මොහොත දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.
මාධ්‍ය – කළුතර දිස්ත්‍රිකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව බාර ගන්න කියනව ඔබතුමන්ට.
වෙල්ගම – මම කළුතර විතරක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළු ලංකාවෙම නායකත්වය බාර ගන්න කැමතියි.
මාධ්‍ය – කුමාර වෙල්ගම මහත්තයා කවදාවත් වයසට යන්නෑ කියල කියනව.
වෙල්ගම – එකේ ලොකු රහසක් තියෙනව. ඒක මට කියන්න බෑ.
මාධ්‍ය – ජනාධිපති අපේක්ෂකත්වයට ඒකත් සුදුසුකමක් කියල අපි හිතනව.
වෙල්ගම – ඒක විතරක් නෙමෙයි, තව සුදුසුකම් රැසක් තියෙනව. අවුරුදු 38ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්. අවුරුදු විසිපහක් පාර්ලිමේන්තුවෙ. ඒ වගේම මම හොඳ පේනකරුවෙක්. මම කියපු එක දෙයක්වත් වැරදුනේ නැහැ. ඒ විතරක් නෙමෙයි, තවත් දක්ෂකම් ගොඩක් තියෙනව. කියන්න පුළුවන් ඒවත් තියෙනව. කියන්න බැරි ඒවත් තියෙනව.
මනෝජ්
