හිටං ඒකත් එහෙමද ?
නරලොව සිට නරසිංහ වාර්තා කරයි –
රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයටත් නායකයෝ දෙන්නෙක් ඇති වීමටත් හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපතිතුමා කීවිට මාධ්‍ය ලොක්කෙක් ඇසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙරුණේ ඔබතුමාගේ අනුදැනුම අනුව නොවේද කියාය.
එවිට ජනාධිපතිතුමා කිව්වේ දහනවවැනි සංශෝධනයට තමාත් සහයෝගය ලබාදුන් බව තමාත් දැනගත්තේ පත්තරවලින් බවය.
දහනවවැනි සංශෝධනය ජයග්‍රහණයක්ය කියාත් තමා 19 ට දරදිය ඇද්ද බවත් ජනාධිපතිතුමා කී බව තමාගේ පත්තරයේත් පළ කළ බවක් මතක බව ජනමාධ්‍ය ලොක්කා කීවිට ජනාධිපතිතුමා කිවේ. එවැන්නක් කළා නම් වහාම නිවැරදි කිරීමකුත් පළ කළ යුතුය කියාය.
ජනාධිපති ඡන්දය කාලයේ කලඑළි බැස්ස අනිත් මෝදි සූට් කාරයෝ එක්ක යාළු මිත්‍ර කමක් තියෙනවද කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
එවිට ජනාධිපතිතුමා පෙරළාලා ඇසුවේ එවැනි ප්‍රශ්නයක් අහන්න හේතුව කුමක්ද කියාය.
මෑන්ස් ජනාධිපති මන්දිරයේ පැත්තේ යනවා එනවද කියලා සැකයක් තමන්ට තියෙනවා කියා එවිට මාධ්‍ය ලොක්කා පිළිතුරු දුන්නේය.
මම ඉන්න වෙලාවට ද නැති වෙලාවට ද කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.
ඒ ගැන හරියටම කියන්න අමාරුයි කියා මාධ්‍ය ලොක්කා උත්තර දුන්නේ ය.
අනිත් මෝදි සූට් කාරයා ගැන හදිස්සියේ මතක් උනේ මොකද කියා ජනාධිපතිතුමා ඇසුවේය.
ස්වකැමැත්තෙන් බලතල කපා ගත්තු එක රටක එකම ජනාධිපති මමය කියා මෝදි සුට් කාරයෙක් කියලා තිබුණා කියා මාධ්‍ය ලොක්කා උත්තර දුන්නේය.
අප්පටසිරි පාල මමත් එහෙම කතාවක් දැක්ක නේන්නම් කියා කියමින් ජනාධිපතිතුමා ඔළුවේ අත ගසා ගත්තේය.
ඔබතුමා එහෙම එකක් දැක්කට අපිට නම් එහෙම කීපයක්ම පෙනුනා කියා මාධ්‍ය ලොක්කා කීවේය.
ඒ මොනවද හිටං කියා ජනාධිපතිතුමා ඇසුවේය.
රනිල් අගමැති උනොත් ඉල්ලා අස්වෙනවා කීවා. පාර්ලිමේන්තු කමිටුව ක්‍රියාත්මක වෙනවා නම් කැබිනට් රැස්වීම නතර කරනවා කීවා. වඩු මඩු ලීමෝල් තහනම් කරනවා කීවා. කියා මාධ්‍ය ලොක්කා උත්තර දුන්නේය.
ඇත්තටම එහෙමත් කියලා තිබුණද? මම පත්තරෙන් වත් දැක්කෙ නැහැනේ. කියා ජනාධිපතිතුමා කීවේය.
ඇයි ඔබතුමාත් ජංංගම කථනෙකට කොට කොටා හිටියද කියා මාධ්‍ය ලොක්කා ඇසූවිට මට ඇහුනෙ නැහැ කියා ජනාධිපතිතුමා කීවේය.
මෝදි සූට් කාරයා හොයාගත්තොත් ඔබතුමාට ලොකු වැඩක් ගන්න පුළුවන් කියා මාධ්‍ය ලොක්කා කිවේය.
උගෙන් මොකද්ද මට ගන්න තියෙන ප්‍රයෝජනේ කියා ජනාධිපතිතුමා ඇසුවේය.
බුද්ධි අංශවලින් පාස්කු ප්‍රහාරය ගැන දැනුම් දීලා තියෙන්නේ ඔබතුමාට නෙවෙයි අනිත් සුට්කාරයාට කියලා කියන්න පුළුවනි කියා මීඩියා ලොක්කා කීවේය.
ඇත්ත නේන්නම් කියා කියු ජනාධිපතිතුමා තවත් අමතර වාසි තියෙනවද කියා ඇසුවේය.
ඕනම් නම් පාර්ලිමේන්තු කමිටුවටත් මෑන් යවන්න පුළුවන් කියා මාධ්‍ය ලොක්කා කීවේය.
ඊළඟ ජනාධිපති ඡන්දයට කලින් 19 වැනි සංශෝධනය ප්‍රතිශෝධනය වෙනවාට තමා කැමති බව ජනාධිපතිතුමා කීවිට, එහෙමනම් අනුර ගේ විස්සට සපෝට් එක දෙන්න පුළුවන් නේද කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
එවිට ජනාධිපතිතුමා, දවල් වැටිච්ච වලේ කොයි සිරිසේන වැටුනත් මේ සිරිසේන වැටෙන්නේ නැහැ කියා කීවේය.
19 අයින් කරලා මොකද කරන්නේ කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
ආයෙත් 18 සක්‍රීය කරනවා කියා ජනාධිපතිතුමා කීවේය.
ඊට පස්සේ මොකද කරන්නේ කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
දහම් ඩඩ්ලි වගේ සිරිසේනලා සෙට් එකක් පාර්ලිමේන්තුවට ගන්නවා කියා ජනාධිපතිතුමා කීවේය.
දෙයියන්ටම පෙනිච්චාවේ. ඒ මොනවටද කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
රාජපක්ෂ රෙජීමය වගේ සිරිසේන රෙජීමයක් හදාගන්නවා. අයියා ජනපති මල්ලි අගමැති, මල්ලි ඇමති, පුතා මන්ත්‍රී කොච්චරනම් ශෝක්ද බඩේ ගින්දරේ බැරුවා කියා ජනාධිපතිතුමා කීවේය.
රටේ නායකයො දෙන්නෙක් හැදුනේ 19 නිසා කියලා ඔබතුමාට විශ්වාස ද කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
සුවර් නේන්නම් 18ට අත උස්සලා අපි රූකඩ කණ්ඩායමක් වගේ පාර්ලිමේන්තුවේ හිටියා මතක නැද්ද කියා ජනාධිපතිතුමා ඇසුවේය.
19 අහෝසි වුනොත් ඔබතුමා ගන්න ඊළඟ පියවර මොකක්ද කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
වහාම ගීත නගාට පණිවිඩයක් යවනවා කියා ජනාධිපතිතුමා කීවේය.
ඒ මොනවටද කියා මාධ්‍ය ලොක්කා ඇසුවේය.
ඉක්මනින් ඇවිත් පාර්ලිමේන්තු මන්ත්‍රීකම බාරගන්න කියනවා කියා ජනාධිපතිතුමා කීවේය.
මට තේරුනේ නැහැ කියා මාධ්‍ය ලොක්කා කී විට ඇයි හිටං ඔහෙට එකවත් තේරෙන්නේ නැද්ද? 19 අහෝසි වෙච්ච ගමන්ම ද්විත්ව පුරවැසි කමත් චකබ්ලාස් වෙනවා. ගීත නගාට පාලිමන්ට් එන්න පුළුවන් වෙනවා. මටත් එතකොට අප්පිරියාවක් නැතුව පාර්ලිමේන්තුවට යන්න පුළුවනි. දැන්එතන ඉන්න එවුන්ගේ හාල්පාරු මූණු දැකලම එපා වෙලා. මොක වුනත් ඒ කාලේ ගීත නඟාලා, පබාලා ඉද්දි පාර්ලිමේන්තුව මල්වත්ත වගේ කියා ජනාධිපතිතුමා කිවේය.
හැබැයි ජනාධිපතිතුමා 19 ගියොත් ප්‍රශ්නත් දහනමදාහක් විතර එනවා කියා මාධ්‍ය ලොක්කා කීවේය.
මොනවද ඒ කියා ජනාධිපතිතුමා ඇසුවේය.
මහින්ද ආයෙත් ජනපති ඡන්දෙට එනවා .ගෝඨාභයටත් ජනාධිපති ඡන්දෙට එන්න පුළුවන් වෙනවා. නාමල් කුමාරයාටත් ජනාධිපති ඡන්දෙට වයස ප්රශ්නය අහෝසි වනවා. යැයි මාධ්‍ය ලොක්කා කීවිට බුදු අම්මෝ හිටං කියා ජනාධිපතිතුමා හිස අත්ගසා ගත්තේය.
