තිරුපති ගමන

හරිනුත් දන්නවා, හරින්ගේ තාත්තත් දන්නවා, ධන සෘණත් දන්නවා, මහින්දත් දන්නවා මනෝ ගනේෂන් දන්නවා නොදන්නේ ඔයා විතරයි, ඇට්ටි  හැලෙන්නට ජාතිය අමතා නිවසට පැමිණිි ජනාධිපතිතුමාට නෝනා කීවේය.

කවුරුත් දන්නමම විතරක් නොදන්නා  රහස මොකක්ද කියා එවිට ජනාධිපතිතුමා නෝනගෙන් ඇසුවේය.

එවිට නෝනා කීවේ මට ඇත්තම කියන්න මෙයා, ඔයා අරුමැක්කේ විදේශගත වුණේ ඒ අය දන්න දේ  ඔයත් දැනගෙන බයට නේද කියා ය.

පිස්සුද මෙයා මම බය  කියන වචනයට තියෙන අකුරු ගණන වත්  දන්න මිනිහෙක් නෙමෙයි. සියනැ කෝරලයේ ලේ තියෙන   පුලතිසිපුර හැදුනු වැඩුණු අපි කොයි අතින් ගත්තත් අංක එකේ වීරයෝ.  බය කියන දේ  අඳුනන්නෙත් නෑ කියා එවිට ජනාධිපතිතුමා කිවේය.

දෙදහස්යා පහලවේ ජනවාරි මාසෙත් ඔයා බය වුනේ නැද්ද කියා එවිට නෝනා ඇසුවාය.

ඒ දවස්වල ලාමක බයක්න තිබුනා තමයි එත්වා දැන් මම විධායක නේද? විධායක  බයවෙන්න ද කියා එවිට  ජනාධිපතිතුමා ඇසුවේය.

බුද්ධි අංශවලින් ඔච්චර හොඳට සිද්ධිය කලින් එළිකරගෙන තිබිලත් පාස්කු දවසේ ප්‍රහාරය  ගැන පියවරක් ගත්තේ නැත්තේ ඇයි කියා එවර නෝනා ඇසුවාය.

කාටද බුද්ධි අංශ එලිකරලා  තිබුනේ කියා  එවිට ජනාධිපතිතුමා ඇසුවේය.

ඇයි අනේ ඔයා නිව්ස්  බලන්නේ නැද්ද? හේමසිරි ගොයියා කැමරාවට කිව්වේ වෙන බව දැනන්  හිටියට එච්චර ලොකුවට වෙන බව දැන්ගෙන හිටියේ නෑ කියලා නේද කියා එවිට නෝනා කීවාය.

ඇත්තටම හේමසිරි  දැනන් හිටියනම් මිනිහට  තිබුණේ එක පත්තරේට කියන්න. එතකොට අනිවාර්යයෙන්ම දැන ගන්න ලැබෙනවා යැයි එවිට  ජනාධිපතිතුමා කිවේය.

එහෙනම් ඔයාට තියෙන්නේ හෙමසිරිට විරුද්ධව ඇක්ෂන් එකක්  ගන්නයි කියා නෝනා කීවාය.

ඇක්ෂන් නෙවේ ඩබල් ඇක්ෂන් ගන්න  ඕන. ඒත් ඒකටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියා  ජනාධිපතිතුමා කිවේය.

මොකද්ද ප්‍රශ්නේ කියා නෝනා ඇසුවාය.

ඇත්තම කිව්වොත් මේ මිනිහා අයින් කලොත් ඔතනට දාන්නේ කවුද  කියලයි මට තියෙන ගැටලුව කියා ජනාධිපතිතුමා කීවේය.

එක් කෝටි ගණනක් මිනිස්සු ඉන්න රටේ ඔය පෝස්ට් එකට මිනිහෙක් හොයාගන්න බෑ කියල පිළිගන්නේ  කොහොමද කියා නෝනා ඇසුවාය.

එක්කොටි නෙමෙයි දසකෝටි   ගණනක් මිනිස්සු හිටියත් හේමසිරිගේ  තනතුරට  දාන්න වෙන්නේ මට හිතවත් කෙනෙක් කියා  ජනාධිපතිතුමා කීවේය.

ඇයි අනේ ඔයා ඡන්ද ලක්ෂ කියක් ගත්තද ?ඒ එච්චර ඡන්ද ගත්තු ඔයාට එක තනතුරකට මිනිහෙක් හොයා ගන්න බැරිද කියා නෝනා ඇසුවාය.

ඡන්දේ දීපු මිනිස්සු දැන් මට  කැමතියි   කියලද ඔයා කියන්නේ. පළාත් පාලන ඡන්දෙදි මිනිස්සු මට දීපු මනාපේ ඔයා දැක්කේ නැද්ද  කුරහන් සාටකගේ පස්ස පැත්තේ  ආඩම්බර බල බලා උන්ගේ වලිගෙ පස්සේ යන්න  මට වෙලා තියෙන්නේ ඒ  නිසා කියා එවිට  ජනාධිපතිතුමා  කීවේය .

තිරුපති ගිය වෙලාවේ ඔයාට තිබුණේ රටට මේ වගේ විපතක් නොවේවා කියලා බාර වෙන්න කියා නෝනා කීවාය.

ඔයා නොදන්නවා වුණාට මම ඒ ගැන දෙවියන්ට මතක් කළා කියා ජනාධිපතිතුමා කීවේය.

මතක්දෙ කලාම මොකද  කිව්වේ කියා නෝනා ඇසුවාය.

එක් විපතකින් රට බේරන්නේ නැතිව අනෙක් විපතින් රට බේරන්න අමාරුයි කියලයි දෙවියෝ කිවේ කියා ජනාධිපතිතුමා කීවේය.

ඉතින් ඒ විපතින් රට බේරන්න කියලා  මුලින්  බාරවෙලා, අයි.එස් විපතින්  දෙවනුව බේරලා දෙන්න කියලා කන්නලව් කරන්න තිබුනනේ කියා  නෝනා කීවාය.

පළමුවෙනි විපතින් රට  මුදන්න කියලා  ඒ ඉල්ලීම දෙවියන් ඉෂ්ට කළා නම් අයි.එස් විපතින් බේරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න  බැරිවෙනවා කියා  ජනාධිපතිතුමා කීවේය.

මොකද්ද පලවෙනි විපත්තිය කියා  නෝනා ඇසුවා ය.

දෙවියෝ හිතන විදියද මේ රටේ මිනිස්සු හිතන විදිය ද කියා  ජනාධිපතිතුමා ඇසුවේය.

දෙවියෝ හිතන විදිය කියා නෝනා කීවාය.

ඒක ඇහුවොත් ඔයාට දුක හිතෙන්න පුළුවන්  බයත්   හිතෙන්න පුළුවන් යයි  ජනාධිපතිතුමා කිවේය.

මොනවා හිතුනත්ම මට ඒක දැනගන්න ඕන කියා නෝනා කීවාය.

ඇත්තම කියනවනම් මට කියන්න ලැජ්ජයි කියා  ජනාධිපතිතුමා කිවේය.

ලජ්ජා හිතුනට කමක් නෑ අපි  දෙන්නනේ මෙයා  කියන්නකො  කියා නෝනා කීවාය.

දෙවියෝ හිතන්නේ කියා  ජනාධිපතිතුමා කතාව මග  නතර කළේය.

මොකක්ද නෝනා ඇසුවාය.

රටට තියෙන  පළවෙනි විපත්තිය මගේ ජනාධිපතිධූරය කියලයි   ජනාධිපතිතුමා කිවේය.

හත්ර දෙයියනේ එතකොට තිරුපති දෙයියොත්ටේ හිතන්නේ මේ රටේ මිනිස්සු හිතන  දේමද කියා නෝනා  ඇසුවා ය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *