සජිත් රාජපක්ෂ – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ නැවත කර කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ද යළිත් මතු වී ඇති බව පෙනේ. ඒ සඳහා වන ආසන්නතම නිදර්ශනය වන්නේ පක්ෂ නායකත්වයත් මීළඟ ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සඳහා පිරිසක් උත්සහ කරමින් සිටීමයි. ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින තැනැත්තෙකු බවට අජිත් පී පෙරේරා මහතා ද මේ වනවිට පත්වී සිටින බව පෙනෙන්නට තිබේ.

ජනාධිපතිධුර අපේක්ෂකත්වයට හෝ පක්ෂයක නායකත්වයට කෙනකුගේ නම යෝජනා කිරීම පක්ෂ සාමාජිකයෙකුගේ අයිතියක් වන්නා සේම එම යෝජනාව රටට කොතරම් වැදගත් ද ගැලපෙන්නේ ද යන්න සාකච්ඡා කිරීමේ අයිතිය පාක්ෂිකයන්ටත්පො,දු ජනතාවටත් තිබේ. ජනාධිපතිධුර අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් ගත් කල්හි එකි අදහස් පළ කිරීමේ අයිතිය පාක්ෂිකයන් නොවන පොදු මහා මහජනතාවටත් හිමිවේ . හේතුව රටක ජනාධිපතිධූරය යනු නිශ්චිත දේශපාලන පක්ෂයකට සීමා වන්නක් නොව මුළු මහත් රට වැසියන් කෙරෙහි ම බලපාන්නක් වන නිසාය

නිදහසින් පසු ලංකාවේ දේශපාලනය පිළිබඳ මැදිහත් විචාරයක නියැලෙන්නෙකුට අවබෝධ වන නරක ලක්ෂණයක් වන්නේ පවුල්වාදයයි. මුලදී සේනානායක පවුල සහ බණ්ඩාරනායක පවුල වශයෙන් පැවති එම දේශපාලන දම්වැල බිඳී ගියේ ආර් ප්‍රේමදාස මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ආගමනයත් සමඟය. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා විජේවර්ධන,ජේ.ආර්.විජයවර්ධන පවුල් දාමයේ දාමයේ පුරුකකි. දැනට පවතින තත්ත්වය අනුව නැවතත් රාජපක්ෂ පවුලවාදයක් ඔවුන්ගේ ගැත්තන් විසින් ඉල්ලමින් සිටිති. ඉහත තත්ත්වය මේවනවිට ප්‍රාදේශීය දේශපාලනය දක්වාම පැතිරී තිබෙන බව දක්නට ලැබේ. තාත්තාගෙන් පුතාට, සැමියාගෙන් බිරිදට, ආදී වශයෙන් දේශපාලන පවුල් උරුමයක් ඇති වීමට මනාප ක්‍රමය විසින්ම යම් පමණක උත්තේජනයක් ලබා දී තිබේ. අද වන විට පවුලේ දෙතුන් දෙනා බැගින් පවා පාර්ලිමේන්තුවේත් පළාත් සභාවලත් දක්නට ලැබෙන්නේ ඉහත කී තත්ත්වය හේතුවෙනි.


සජිත් ප්‍රේමදාස මහතා නිතරම කතා කරන්නේ සිය පියා රටට කළ සේවය ගැන බැවින් ඔහුත් යම් ආකාරයකින් පිය උරුමය මගින් රටේත් පක්ෂයේත් නායකත්වයට ළඟාවීමට උත්සාහ දරන බව පැහැදිලිය. සජිත්ම ප්හ‍රේමදාස මහතාගේ දේශපාලන අබිලාශයට විරුද්ධ වීම අපේ අභිලාෂය නොවූවද, පිය උරුමය පමණක් රටක නායකත්වයට නොසෑහෙන බව ඒ මහතා අවබෝධ කරගත යුතුය. එහිදී ඔහු සතු ගුණාංග කීපයක් වෙනස්කර ගත යුතු වනු ඇත

ඉන් පළමු පළමුවැන්න වන්නේ රටේ නායකත්වයට පරම සුදුසුකම් පිය උරුමය නොවන බව වටහා ගැනීමය.

දෙවනුව රටේ දැනට පවතින රජුන් සහ දේශීය පාලකයන් පාරම්පරික උරුමයට බිහිවන බඳුන් වන වත්මන් ව්‍යවස්ථාව සහ ඡන්ද ක්‍රමය වෙනස් කරන්නට සූදානම් විය යුතුය.

තුන්වනුව ඔහුගේ මානව හිමිකම් සංකල්පයයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව සජිත් කියන්නට යෙදුනේ මානව හිමිකම් වලට වඩා ජාතික ආරක්ෂාව ගැන වග විය යුතුය යන්නයි, ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බව සැබෑ නමුත් ජාතික ආරක්ෂාව හේතුවෙන් මානව හිමිකම් දෙවන තැනට දමන නායකයෙකු රටට අවශ්‍ය නැත. එසේ අවශ්‍ය නම් පසුගිය රාජපක්ෂ රෙජීමය බලයේ තබා ගන්නට ජනතාව කටයුතු කරනවා ඇත. සජිත් ප්‍රේමදාස මහතා අද ඇමතිධූරය දරන්නේ මහජනතාව විසින් ආරක්ෂාව වෙනුවෙන් මානව හිමිකම් තුට්ටුවට දැමු පාලකයන් පිරිසක් පලවා හැරී නිසාය. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති සිහිනය දකින්නට හැකිවී ඇත්තේ ජනතාව විසින් මජර රාජපක්ෂවාදය පරාජය කළ නිසාය.

හතරවෙනිව සජිත් ප්‍රේමදාස මහතා පවතින බෞද්ධ මූලධර්මවාදය හමුවේ මුනිවත රැකීමය. මංගල සමරවීර ස්වරූපයේ ප්‍රහාරාත්මක පියවර ඔස්සේ සියලු ආගම්වාදී ජාතිවාද වලට විරුද්ධව සටන් කිරීම වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගෙන ඇත්තේ සිවුරෙත් ලොගුවෙත් සරණ පැතීමය.

අද මේ අත්දීවිඳිමින් සිටින්නේ ආගම්වාදී දේශපාලනයේ ප්‍රතිඵල වන බැවින් පැරණි පන්නයේ රාජ්‍ය නායකයෙක් රටට අවශ්‍ය නැත. දැන් රටට අවශ්‍යව ඇත්තේ සියලු ආකාර මූලධර්ම වාද වලට සංහිදියාවේ ආගමෙන් පිළිතුරු දෙන නායකකි.

හයවෙනි කාරණාවට පෙර කිව යුතු කාරණාවක් තිබේ. එය මෙසේය. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් දිවංගත සිය පියාණන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අනුස්මරණය පිණිස චෛත්‍යයක් ඉදි කරනු ලැබිණ. ප්‍රේමදාස අමාත්‍යවරයා එය සසුනට පූජා කරනු ලැබූ උත්සවයේ දී ප්‍රකාශ කරනු ලැබුවේ පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්, ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය උප සභාපති ඇතුළු එහි සේවිකාවන්ට ස්තුතිය පුද කරන බව ය. ඉන් පැහැදිලි වන්නේ චෛත්‍ය ඉදිකිරීම සඳහා දෙපිරිසගේ සහාය ලැබී ඇති බව ය. එනම් පෞද්ගලික ධන පරිත්‍යාගශිලින් ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය.

උත්සවයේ දී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තම පියා කළ ආකාරයෙන්ම තමාද පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගේ සහාය ලබාගත් බවය . ඔහුගේ පියා ධන පරිත්‍යාගශීලීන්ගේ උපකාර ලබාගත්තා සේම එසේ පරිත්‍යාග පරිත්‍යාගශිලින්ට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ආදිය පරිත්‍යාගශීලීව ලබාදුන් බව සජිත් ප්‍රේමදාස මහතා නොදන්නවා විය හැකිය. පිඩලි උපාලිලා පහල මට්ටමේ උදාහරණයකි.එයාකාරයට සජිත් ප්‍රේමදාස මහතාටත් තම පරිත්‍යාගශීලීන් ට රජයේ වියදමින් අනුග්‍රහ දක්වන්නට සිදුවුවහොත් ඒ වරදකි. එසේම ආණ්ඩුවේ එනම් ජනතාවගේ මුදලින් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමකි.

ඊළඟ කාරණය ඉදිකිරීම් සංවර්ධන අධිකාරියයි. එය රජයේ ආයතනයක් නම් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් රජයේ ආයතනයක උප සභාපතිවරයා සහ සේවක සේවිකාවන් ගේ අනුග්‍රහය තම පියා වෙනුවෙන් ඉදිකළ චෛත්‍යය වෙනුවෙන් ලබාගෙන ඇත. ඒ වනාහි රජයේ මානව සම්පතක් අවභාවිතයේ යෙදවීමකි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ මුදල් ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සඳහා යොදාගැනීමත්, සජිත් ප්‍රේමදාස මහතා ආර්.ප්‍රේමදාස අනුස්මරණය සඳහා රජයේ අධිකාරියක් දායක කර ගැනීමත් දෙකක් නොවේ. ආකාරයෙන් අමාත්‍යධුරයේ පොදු දේපොළ අවභාවිත කරන තැනැත්තා රාජ්‍ය නායක පදවියෙන් පුදන්නට රටේ ජනතාව සූදානම් ද යන්න ප්‍රශ්නයකි. රටට අවශ්‍ය එවැන්නෙකු නම් නොවරදවාම තෝරාගනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යි. සජිත් ගෙනයන ප්‍රතිපත්ති සජිත්ට වඩා හොඳින් ක්‍රියාවේ යෙදවීමට ගෝඨාභය රාජපක්ෂ බව ජනතාව දන්නා කරුණකි.

දැන් රටට අවශ්‍යව ඇත්තේ ආර්ප්‍රේමදාස පන්නයේ හෝ මහින්ද රාජපක්ෂ පනන්නයේ හෝ ගෝඨාභය පපන්නයේ නායකයකු නොව දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අතුගා තුරන් කර රට නිසි මගට යොමු කළ නෙල්සන් මැන්ඩෙලා පන්නයේ නායකයෙකි රාජ්ය‍ය නායකත්වයට ඇල්ම දක්වන කවරෙකු වුව ගොඩනඟා ගත යුත්තේ මැන්ඩෙලා පන්නයේ ජීව ගුණයකි.එත් හිට්ලර් පන්නයේ කෙනෙකු වන තරම් මැන්ඩෙලා පන්නයේ නායකයෙකු වීම පහසු හෝ සිල්ලර නැත

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *