ඥාණසාර හිමි නිදහස් කිරීම අධිකරණයට අපහාසයක් – ලාල් විජේනායක
අධිකරණයට අපහාස කිරීම නිසා දඬුවම් විඳිමින් සිටි ඥාණසාර භික්ෂුව අත්තනෝමතිකව නිදහස් කිරීමෙන් ජනාධිපතිවරයාද අධිකරණයට අපහාස කර ඇතැයි එක්සත් වාමාංශික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වාමාංශික එක්සත් පෙරමුණ යනු වත්මන් ජනාධිපති බලයට පත් කිරීමෙහි ලා තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළ වමේ එකමුතුවක් වන අතර එවක දී ඥාණසාර භික්ෂුව ප්‍රධාන බොදු බල සේනාව සිටියේ මෛත්‍රීපාල සිරිසේනට සතුරු පිලේ ය. සිරිසේන ජනාධිපති වීමෙන් පසුව ද ඥාණසාර භික්ෂුව ජනාධිපතිව හැඳින්වූයේ ‘නපුංසක නායකත්වය’ යනුවෙනි. කෙසේ වෙතත් වාමාංශික එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ අත්සනින් නිකුත් කර ඇති ඉහත කී නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
අධිකරණයට අපහාස කිරීම යටතේ දණ්ඩනයට යටත් කර සිටි ඥානසාර භික්ෂුව ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අපගේ විරෝධය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණ තීන්දුවකින් වැරදිකරු වී දණ්ඩනයට යටත්ව සිටින ගලබොඩඅත්තේ ඥානසාර නමැති භික්ෂුව පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබිය. ඔහු දණ්ඩනයට යටත් කර සිටියේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්රාත්වරයාට තර්ජනය කිරීම හා රජයේ නීතිඥවරයාට අපහාස කිරීම යටතේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා කල පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව දුන් තීන්දුවකට අනුවය.
19 වසරක සිර දඬුවමකට යටත් කර වසර 06 කින් ගෙවී යන පරිදි අභියාචනාධිකරණය නියම කල එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඥානසාර භික්ෂුව පැමිණිලි කල නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ද එම තීන්දුව අනුමත කරන ලදී.ජනාධිපතිවරයා මෙසේ නිදහස් කරන්නේ උසාවියට අපහාස කිරීමේ වරදට දඬුවමකට යත්ව සිටින පුද්ගලයෙකි. තම දේශපාලන අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා කල මෙම නිදහස් කිරීම තුල ඔහුද අධිකරණයට අපහාසය කර ඇත.
ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස ඥානසාර භික්ෂුව මෙසේ නිදහස් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීමට බව පැහැදිලිය.ජාතින් අතර වෛරය ඇතිවන ආකාරයෙන් කතා කිරීම පමණක් නොව ක්‍රියා කල එම භික්ෂුව නිදහස් කරන්නේ ජාතින් අතර පසුගියදා ඇවිලෙන්නට ගිය කෝලාහලයේ උණුසුම මැකෙන්නත් පෙරය.අන්තවාදී සිංහල බෞද්ධයන්ගේ මනදොල සැපිරීම සදහා ජනාධිපතිවරයා කරන ලද මෙම නොමනා ක්‍රියාව ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වෙනවා පමණක් නොව ජාතිවාදයට උඩගෙඩි දීමක්ද වේ.එහෙයින් ජනාධිපතිවරයා පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා කල මෙම අත්තනෝමතික ක්‍රියාව එක්සත් වාමාංශික පෙරමුණේ අපි තරයේ හෙලා දකිමු.
ලාල් විජේනායක
ප්‍රධාන ලේකම්

