විදුලියට තියෙන්නේ තිරිසන් මාෆියාවක් – රන්ජන් රාමනායක

මේ ජනාධිපතිවරණේ දී අලුත් ඡන්ද එක්ලක්ෂ පනස් දාහක් පමණ එකතු වෙනව. ඉස්සර නම් සියයට 51ක් පත්වෙන ජනාධිපතිවරයා විසින් ගන්න ඕනැ. 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ගත්තෙ ලක්ෂ හැට දෙක හමාරයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තෙ ලක්ෂ පනස් හතයි. අලුත් ඡන්දත් එක්ක පත්වෙන ජනාධිපතිවරයා ලක්ෂ හැට පහක් හැත්තෑවක් අතර ගන්න ඕනැ. ඉතින් විග්නේශ්වරන් මහත්තයට ලක්ෂ හැටපහක් ගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.

ලක්ෂ හැටපහක් කියන්නෙ ලොකු ටාගට් එකක්. ඒකට සුළු ජාතික ඡන්ද, පාවෙන ඡන්ද, ඒවගේම සිංහල බෞද්ධ ඡන්ද මේ සේරම ගන්න පුලුවන් අපේක්ෂකයකුට විතරයි ජනාධිපතිවරණයේ සිහින දකින්න පුලුවන්.

විදුලියට තියෙන්නේ තිරිසන් මාෆියාවක්. විදුලි බල මණ්ඩලයේ හිටපු අයම තමයි මණ්ඩලයෙන් අයින්වෙලා ගිහිල්ලා ජෙනරේටර් ඇතුලු විවිධ උප්පාදන ක්‍රම හදාගෙන මාෆියාවක් හරහා විදුලි බල මණ්ඩලයටම විදුලිය විකුණනවා. මේක මේ අයටහෙන හත ගහන පුදුම මාෆියාවක්. මේකෙන් හෝටල් හිමියන්ට කෑමක් තියාගන්න බෑ. දරුවන් අපහසු තාවයකට පත්වෙනවා. රස්නය නිසා ජනතාවට විදුලි පවංකා භාවිතා කරන්න බෑ. මේකෙන් ජනතාව විඳින දුක එක්තැන් වෙලා මේ අයට හෙන ගහන තත්ත්වයක් ඇති වෙනවා. මේ කරන්නේ පලිගැනීමක්. එතන ඇමතිවරයාගෙ නෙමෙයි ප්‍රශ්නය තියෙන්නෙ. නිලධාරිවාදයක් තියෙන්නෙ. බටගොඩ නම ගැන කියනකොට කියනව, ඩබල් ඩොක්ටර් කෙනෙක්, ආචාර්යවරයෙක්, පී.එච්.ඩී. තියනවා කියල, මනුස්සකම නැත්නම් ඔය මොන ටයිටල් දුන්නත් වැඩක් නෑ.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරවම බටගොඩ මහත්තයා පාර්ලිමේන්තුවෙ ඉන්නකොට එයාව විවේචනය කෙරුවා. මේ අය අද කෝටිපති, ප්‍රකෝටිපති, බිලියන, ට්‍රිලියනවරුන් බවට පත්වෙලා තියෙනව. මේ අය උදුරාගන්නෙ ජනතාවගෙ අයිතිය. මම කෝප් කමිටුවෙ ඉන්නකොට මේ අය කියනව, අපේ විදුලිය ගත්තෙ නැත්නම් අපි කරන්ට් කපනව කියල. මේ ගැන ජනතාව අවබෝධකරගන්න ඕනැ. මම හිතන්නෙ ඉදිරියෙදි මේ අයගෙ ගෙවල්වලට පහර දෙයි. මේ අයට දුටු දුටු තැන ගහයි. ඒ වගේ විශාල මාෆියාවක් විදුලි බල මණ්ඩලයේ මාෆියාව.

තමක්ගෙ විදුලි උත්පාදන යන්ත්‍ර හරහා විදුලිය ගත්තෙ නැත්නම් විදුලිය කපනව කියන කණ්ඩායමක් ඉන්නව. ඔවුන් කරන තක්කඩි තිරිසන් වැඩ ගැන කියන්න වචන නෑ. මොනතරම් දුකක් ද මේ ටිකේ ජනතාව විඳින්නෙ.

මේක නැතිකරන්න නම් ෂරියා නීතිය එන්න ඕනැ. නැත්නම් මේ අයව හදන්න බෑ. මේ අය පුනරුත්තාපනය නොවුනු ජනතාවක්. මේ අයට ඕනැ මුදල් විතරයි. මේ අයට මුදල් ලැබෙනව නම්, මේ අයගෙ සාක්කු පිරෙනව නම් මේ අය ජනතාව පීඩනයට පත් කරල කරන්ට් කපලා, නැතිකරලා, ඕනැම දෙයක් කරයි. මේ අයට දැඩි දඬුවම් දිය යුතුයි. වෙන රටකනම් මේ වගේ අපදාවකට මුහුණ දෙන්න බැරි නම් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙලා, මණ්ඩලේ ප්‍රධානින් ඉල්ලා අස්වෙනව.

කෝප් කමිටුවෙ තියනව, බිලියන ගාණක වංචාවක් වෙලා තියෙනව. හොයලා බලන්න, මේවා පිටිපස්සෙ ඉන්නෙ කවුද? මේවා හොයන්න ගියගමන් කියනව, ආයේ රජයට දෙන්නෙ නෑ විදුලිය කියල. එතකොට රජයට සිදුවෙනවා විදුලි උප්පාදක යන්ත්‍ර ගෙන්වන්න.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *