පොහොට්ටුව චෙක්මේට් කරන්න ජනාධිපතිගේ සැලසුම හදිසි ජනපතිවරණයක් !

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ඇතිව ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට වාර්තා පළවීමත් සමග එම වැඩ පිළිවෙල අර්බුදයට ලක්වන ආකාරයෙන් හදිසි ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බව වාර්තා වෙයි .

නිලයේ වසර හතරක් ගෙවුණු පසුව ජනාධිපතිවරණය කැදවීමට ජනාධිපතිවරයාට බලය ඇතත් එවිට ඔහු එම මැතිවරණයේ නියත අපේක්ෂකයකු වෙයි . මහින්ද රාජපක්ෂ මහතාගේ පොදුජන පෙරමුණට සිදුවන්නේ මෛත්‍රීට සහය දෙනවද නැතහොත් තවත් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවද යන අපහසු තීරණය ගැනීමටය .

පොදුජන පෙරමුණේ බොහෝදෙනාගේ විශ්වාසය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබ දුන්නද මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම අපහසු බවයි . ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කළේ ඒ තක්සේරුව නිසාය . මෛත්‍රීපාල සිරිසේනමහතා තරග කළහොත් ඔවුන්ගේ චන්ද ප්‍රමාණයක් අහිමි වන අතර චන්ද ව්‍යාපාරයේ මුල සිටම පරාජිත මානසිකත්වයක් ඇතිවෙයි . මෛත්‍රීපාල සිරිසේනමහතාට සහය දුන්නද ජයග්‍රහණය දුෂ්කරය . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන්නේ චන්ද කඩෙන බව පෙන්වා පොහොට්ටුවේ සහය ගෙන කෙසේ හෝ ජය ගන්නටය .

මෙලෙස හදිසි ජනාධිපතිවරණයක් කදවුව හොත් මහින්ද රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ කණ්ඩායම විශාල අර්බුදයකට මුහුණ දෙනු ඇත .පසුගිය කාලයේ දිගටම ඔවුන්ගේ උත්සාහය වී තිබුනේ ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ලබාගැනීමය .ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයකු තනන් සතුව නැති බව ඔවුන්ගේ තක්සේරුව වීම එයට හේතුවයි . රටේ බරපතළ අප්‍රසාදයට පත්ව සිටින මෛත්‍රීපාල සිරිසේනමහතා කරේ තබාගෙන යාමට සිදුවුවහොත් එය ඔවුන්ට වඩාත් බරපතළ ප්‍රශ්නයක් වනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *