මහින්ද – කබ්රාල් යුගයේ බැදුම්කර වංචා හොයන්න වෝහාරික විගණනයක්
2007 වසරේ සිට 2015 දක්වා මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමත කර ඇත. එම කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ මහ බැංකු අධිපතිව සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය .එම කාලයේ ගනුදෙනු පරික්ෂාව සදහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල ඒකමතික අනුමැතිය ලැබී ඇත.ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් ඉඩ සැලසෙන ඇත.බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු ගණනය කිරීම සඳහා 2007 වසරේ සිටම වෝහාරික විගණනයක් කළ යුතු බව මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි. කොමිසම ප්‍රකාශ කළේ වැඩිම වංචා සිදුව ඇත්තේ එම කාලයේදී බවයි .ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේ ඉක්මවඑම කාලයේ බැදුම්කර වංචාවලින් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන දහස ඉක්මවන බවයි . පර්පචුවල් ට්‍රේසරීස් ගනුදෙනුවේ පාඩුව ජනාධිපති කොමිසම ගණන් බල ඇත්තේ බිලියන 8.53ක් වශයෙනි . මහා බැංකුවට වැඩිම පාඩු සිදුව ඇත්තේ 2007 -2014 කාලයේ බව ජනාධිපති කොමිසම සිය වාර්තාවේ සදහන් කොට ඇත .
