ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම රු. කෝටි 1400ක් – ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය රු. කෝටි 1400ක් වෙන් කොට තිබෙනවා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම අපේ රටේ ජනතාව මත අමතර බරක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම නිසා මෙම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අනිවාර්ය දෙයක් වෙනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංය මහතා මේ බව පැවසුවේ ඊයේ පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය
අපි හිතන්නේ මේක මංගල සමරවීරගේ අවසාන අයවැය හැටියට. මංගල සමරවීර ඇමතිවරයා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට ආදායම හොයා ගන්නේ කොහොහමද කියලා පැහැදිලි සඳහනක් අයවැය කතාවේ නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයින් පිළිබඳව, පෞද්ගලික අංශය ගැන, දැනටමත් රු. 1000 අරගලයක නිරත වතු කම්කරු ජනතාව ගැන කිසිදු සඳහනක් වෙලා නැහැ. රාජ්‍ය සේවකයින්ට රු. 2500ක අන්තර් කාලීන දීමනාවක් යෝජනා කොට තිබෙනවා. වැඩ කරන ජනතාවගෙන් රාජ්‍ය සේවකයින් කියන්නේ ලක්‍ෂ 13ක ශ‍්‍රම බලකායක් පමණයි. අපේ රටේ ශ‍්‍රම බලකායේ වැඩිම පංගුව පෞද්ගලික අංශය සහ වතු කම්කරු ජනතාවයි. ආණ්ඩුව යෝජනා කරන බදු අයකිරීම් සියල්ලම පෞද්ගලික අංශයේ සේවකයාටත් වතු කම්කරු ජනතාවටත් සෘජුව බලපානවා. වතු කම්කරු ජනතාව ඉල්ලන රු. 1,000 නීතිගත කරන්න කිසිදු යෝජනාවක් ආණ්ඩුවෙන් ඉදිරිපත්කර නැහැ. ජනතාවට බොරුව දාලා සිහින හදපු අයවැයක් පමණයි.
අලූත විවාහ වන තරුණ තරුණියන්ට නිවසක් තනා ගැනීමට 6% ණය යෝජනා ක‍්‍රමයක් ඉදිරිපත් කළත් එම ණය ලබාදෙන්න කිසිදු මුදල් ප‍්‍රතිපාදනයක් වෙන්කර නැහැ. බැංකුවලට කෙරෙන යෝජනාවක් නැහැ. අපේ රටේ අලූතින් විවාහ වන ප‍්‍රමාණය වසරකට 180,000ක් වෙනවා. එයින් ලක්‍ෂයකට නිවාස ණය ලබාදීමට අවම ඇස්තමේන්තුවක් කළත් ඒ සඳහා මුදල් හොයා ගන්නේ කොහොමද? ඒ වගේම අපේ රටේ උසස් පෙළ සමත් එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි සිසුන් වෙනුවෙන් ණයක් ලබාදෙන්න අයවැය යෝජනා කළා. නමුත් එම මුදල් වෙන් කිරීම් සිදු කරන්නේ කොහොමද කියලා නිශ්චිත සඳහනක් නැහැ.
අපේ රටේ පවුලක සාමාජිකයන් ප‍්‍රමාණය හතරයි. එක් පුද්ගලයෙකු සඳහා මේ වසරේ බදු බර රු. 11,000 බැවින් පවුලේ බදු බර වසරකට රු. 44,000ක් වෙනවා. එය මාසයකට රු. 3,666.66ක් වෙනවා. රාජ්‍ය සේවකයින්ට 2,500ක දීමනාවක් ලැබුණත් තවත් 1166.66ක හිඟයක් තිබෙනවා. පෞද්ලික අංශය සහ වතු කම්කරුවන් මේ වැඩිවෙන බදු ගෙවන්නේ කොහොමද? ඒවගේම මේ ආණ්ඩුව 2016 සිට රාජ්‍ය සේවකයින්ගේ පෙන්ෂන් එක කප්පාදු කළා. ඒ කප්පාදුවෙන් පස්සේ ඉදිරිපත් කරන තුන්වැනි අයවැයේ විශ‍්‍රාම වැටුප් ගැන කිසිදු කතාවක් නැහැ. ආණ්ඩුවම කියන පරිදි මැතිවරණ වසරක් ඉදිරියේ තබාගෙන ඉදිරිපත් කළෙත් ණය සහ බදු අයවැයක්. ඒ අයවැය ඇතුළේ කිසිදු ආර්ථික උපායමාර්ගයක් නැහැ. වැඩ කරන ජනතාවගේ පැත්තෙන් බරපතළ තත්වයක් ඇතිවෙලා තිබෙනවා. අඩුම තරමේ රුපියලේ අවප‍්‍රමාණයට සාපේක්‍ෂව වැඩිවන ජීවන වියදම ආවරණය කරගන්න වැටුප් වැඩිවීමක් කරන්න ආණ්ඩුව කල්පනා කරලා නැහැ. ජීවන වියදම වැඩිවෙනවිට ජනතාවට ජීවත් වෙන්න අමාරු බවවත් මේ ආණ්ඩුවට කල්පනා නොවන එක ඉතාම බරපතළ තත්වයක්. එම නිසා ආණ්ඩුවේ මෙම අයවැය පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්දය ලබා දෙනවා. එමෙන්ම මෙම සිහින මාලිගා අයවැයට අපේ දැඩි විරෝධය පළ කරනවා. මෛතී‍්‍ර ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැඳවන කැබිනට් ඒකේ අනුමත වූ මෙම අයවැය පරාජය කිරීමට සියලූ දෙනා පෙළගැහෙන්න කියලා අපි ආරාධනා කරනවා.
මහින්ද රාජපක්‍ෂ මහතා ඔහු ඉදිරිපත් වූ ජනාධිපතිවරණ දෙකකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. ඒ වගේම ඔහු දැන් කියා තිබෙනවා, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවත් එය ජනතාවගේ පැතුම බවත්. එම නිසා ඒ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා. විපක්‍ෂ නායකවරයා සමග කෙරෙන මෙම සාකච්ඡුාවෙන් පසුව අගමැතිවරයා සමගත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්‍ෂ සමගත් විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය රු. කෝටි 1400ක් වෙන් කොට තිබෙනවා. තනි පුද්ගලයෙක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම අපේ රටේ ජනතාව මත අමතර බරක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එම නිසා මෙම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අනිවාර්ය දෙයක් වෙනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා.
අපේ රටේ වසරකට දරු උපත් 360,00ක් පමණ සිදුවෙනවා. ඔවුන් අධ්‍යාපනයෙන් පසුව 180,000ක් පමණ උසස් පෙළ සමත් වෙනවා. ඉන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ 30,000ක ආසන්න සිසුන් ප‍්‍රමාණයක් පමණයි. ආණ්ඩුව කළ යුත්තේ ඉතිරි උසස් පෙළ සමත් සිසුන් සඳහා දිරිගැන්වීම් සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමයි. උසස් පෙළ සමත්වන සිසුන්ගෙන් 10-12ක් සඳහා වසරකට විදේශ අධ්‍යාපනය ලබාදීමෙන් සමස්ත සිසුන්ගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

බිනර

ස්තූතිය – මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *