ටැබ්ලට් සහ ටොයිලට් – පීටර් කල්දේරා (විශ්‍රාමික විදුහල්පති)
නිදහස ලබා වසර 71 ක් ගතවන විටත් මෙරට අධ්‍යාපනය පවතින්නේ අයාලේ යන තත්ත්වයකය. නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන රටක් යැයි අප අපේ රට ගැන උදම් අනුවද පවතින අධ්‍යාපන ක්‍රමය කොතෙක් දුරට නිදහස් සහ සාධාරණද යන ගැටලුව පවතී. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් මෙරට පාසැල් අතර ඇත්තේ බරපතල ඇති නැති පරතරයකි.
පාසල් සිසුනට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ගැනද ඒ අතර ආණ්ඩුවේ අංශවලින් කියවේ . ටැබ් පරිගණක පමණක් නොව ඩිගිටල් පන්තිකාමර පහසුකම් මල්ටිමීඩියා පහසුකම් ආදියද පහසුකම් ආදියද පාසල් වලට ලබාදිය අහික්නම් එය අගය කල යුතුය. ලෝකයේ පාසල් මේ වනවිට පවතින්නේ මෙරටට වැඩ මහත් තාක්ෂණික සංවර්ධනයකින් යුතුව වන බැවිනි.
එසේ වුවත් ටැබ් පරිගණක ලබාදීම වැනි ක්‍රියාමාර්ග රටේ සමස්ත පාසල්වලට අදාලව ගත් කල පාසල් අතර ඇති නැති පරතරය උග්‍ර කිරීමටද හේතුවනු ඇතිබව පැවසිය යුතුය. ග්‍රාමීය පාසල් 165 කට පමණ අවම වශයෙන් පානිය ජල පහසුකම් හෝ වැසිකිලි කැසිකිලි පහසුකම් නොමැතිව පවතින බැවිනි පාසල් 4550 කට පරිගණක පහසුකම් නොමැති බවද පැවසේ .
පාසල් 350 කට මේ වසරේ පළමු වසර සදහා එකම අයදුම් පතක් හෝ ලැබී නැති කියති . ජන හා සංඛ්‍යාලේඛන අධ්‍යාපන අමාත්‍යංශය පිළිබද 2017 වසරේ දත්ත අනුව 2018 වසරේදී පාසල් 433 කට පළමු ශ්‍රේණිය සදහා ප්‍රමාණවත් ඉල්ලුම්පත් සංඛ්‍යාවක් ලැබී නැත . පාසල් 137 කට ලැබී ඇත්තේ පළමු වසර සදහා එක අයදුම්පත බැගිනි . පාසල් 138කට ලැබී ඇත්තේ ඉල්ලුම්පත් දෙක බැගිනි .
පාසල් 3046ක ඇත්තේ සිසුන් 100කට අඩු සංඛ්‍යාවකි . කොලබ දිස්ත්‍රීක්කයේ පාසල් තුනක් පවතින්නේ සිසුන් 15ට අඩු සංඛ්‍යාවක් ඇතිවය. ජන ගනත්වය අතින් දෙවෙනි තැන පසුවන ගම්පහ දිස්ත්‍රීක්කයේ සිසුන් 30ට අඩු පාසල් තුනක් ඇති බව කියවේ.
රජයේ පාසල් 1,100කට පලමු වසරට ලැබි ඇත්තේ ඉල්ලුම්පත් පහට අඩුවෙනි. පලමු ශ්‍රේණියට ඉල්ලුම්පත් 10 ට වඩා අඩුවෙන් ලැබුණු පාසල් සංඛ්‍යාව 2,330කි. රත්නපුර දිස්ත්‍රීක්කයේ පාසල් 49කට පලමු වසරට එකම ඉල්ලුම්පතක්වත් ඉදිරිපත් වී නැත. බස්නාහිර පලාතේ එසේ එක අයදුම්පතක් හෝ පලමු ශ්‍රේණියට නොලැබුණු පාසල් ගණන 19 කි.
මෙකී පාසල් වලට මෙසේ ඉල්ලුම්පත් නොලැබී යාමට හේතුව වශයෙන් ගුරු සංගම් පවසන්නේ එවැනි පහසුකම් නොමැති කම බවය.
පහසුකම් ප්රශ්නය ද එසේ වීමට හේතුවක් බව පිළිගත් යුතු වුවද ගුරු සංගම් නොකියන වෙනත් හේතුවක් ද ඉහත අයුරින් පාසල් වලට ඉල්ලුමක් ඇති නොවීමට බලපා ඇති බව මෙරට පාසල් පද්ධතිය පිළිබඳ අවබෝධයක් ඇත්තන්ට වැටහෙනවා ඇත. එකී හේතුව වන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහීම්යි. පළමු වසරට කුඩා පාසලකට දරුවන් ඇතුළත් කරන මවුපියන්ගේ පළමු බලාපොරොත්තුව තම දරුවා උසස් පාසලකට ඇතුළත් කර ගැනීම සඳහා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කර ගැනීමයි.
ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවෙකු සූදානම් කිරීමට පාසලකට විද්‍යාගාර පහසුකම් වැනි දේ අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය වනු ඇත්තේ දක්ෂ හා කැපවීමෙන් යුතු ගුරුවරුනගේ සේවයයි. ගම්බද බොහෝ පාසල් මුහුණදෙන ගැටලුවක් වන්නේ ගුරු හිඟයයි. ඒ අතරවාරයේ නගරාශ්‍රිත බොහෝ පාසල් වල ඇත්තේ ගුරු අතිරික්තයකි.
ගම්බද පාසල් වල ගුරු හිඟයට හේතුව ගුරුවරුනට ඒ පාසල් වලට යාමට ඒමට ඇති අසීරුතාව හෙවත් ප්‍රවාහන සහ මාර්ග පහසුකම් නොමැතිකමයි. දුෂ්කර පාසල් වශයෙන් වර්ගීකරණය වී ඇත්තේ මෙරට බොහෝ පාසල් දුෂ්කර වශයෙන් නම් කරන්නට බලපා ඇති මූලික හේතුව ප්‍රවාහන අපහසුතා බව වරෙක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු පවසා තිබුණි. ජලය, වැසිකිලි, ගුරු නිවාස ආදිය නැති පාසලක ගුරුවරු රැඳෙන්නට කැමති වන්නේද නැත. පහසුකම් නොමැති පාසල්වල ගුරු හිගයට බලපාන හේතුව වන්නේ ඒවාය.
ඉහත හේතු සියල්ලෙහි අවසන් ඵලය වන්නේ ජනප්‍රිය යැයි සම්මත පාසල්වලට දරුවෙකු ඇතුළත් කරවීම සඳහා බරපතළ තරගයක් ඇති වීමයි. ඉහත ගැටළුවට විසඳුම වශයෙන් ආණ්ඩුව පසුගිය දා තීරණයක් ගෙන තිබේ. එය නම් 2018 අප්‍රේල් 26 දා කැබිනට් පත්‍රිකා අංක 18 /0850/742/017 යටතේ ජනප්‍රිය අර්ධ රාජ්‍ය පාසල් තිස් හයකට තම ශාඛා 5 බැගින් දිිවයින පුරා ආරම්භ කිරීමට අවසර ලබා දීමයි. එසේ අවසර ලැබී ඇති ජනප්‍රිය අර්ධ රාජ්‍ය පාසැල් අතර කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය, මොරටුව මාරිස්ටෙලා සහ ලෙස්ලි විදුහල් කළුතර සිරිකුරුස සහ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාල ද පවතී.
ඉහත තීරණය හේතුවෙන් ඉහත පාසල් වල් ශාඛා බිහිවන ප්‍රදේශවල පාසල් වැසී යාමයාම යාමේ තර්ජනයකට මුහුණ දෙනු ඇතැයි ගුරු සංගම් සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබුණි . ඒ පාසල් වැසී ගියද වැසී යන්නේ වඩාත් හොඳ පාසලක් හේතුවෙන් නම් ඒ පිළිබඳ දුක් වන්නට හෝ විරුද්ධ වන්නට හේතුවක් ඇතැයි පිළිගත යුතු නැත.
ඉහත නම් සඳහන් කළ පාසල් අධ්‍යාපන මට්ටම මෙන්ම විනය ආදී කරුණු අතින් ද ඉහළ ප්‍රමිතියක් ඇතිව පවත්වා පවත්වාගෙන යන බව කව්රුත් දන්නා කරුණකි. එම පාසලක ශාඛා දිවයිනේ පිටිසර බද ප්‍රදේශවලට ව්‍යාප්ත වන්නේ නම් මුදලක් ගෙවා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට හැකියාව සහ සූදානම ඇති පිරිසකට තම අධ්‍යාපන අවශ්‍යතා ඒ ඔස්සේ සපුරා ගන්නට අවසර ලැබේ.
යම් මුදලක් වියදම් කර හෝ තමන්ගේ දරුවනට උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට සූදානම් පිරිසට දැනට පවතින එකම විකල්පය ජාත්‍යන්තර පාසල් යනුවෙන් නම් කර ඇති පාසල් පමනි. එකී පාසල් ජාත්‍යන්තර වන්නේ නමට මුලින් යෙදී තිබීම නිසාම පමණි. ඒ හැරෙන්නට ඒවාහි අධ්‍යාපන මට්ටමේ ඇති ජාත්‍යන්තර බවක් නැත. ඇත්තෙන් ම කියන්නේ නම් ආනන්ද, නාලන්ද වැනි රජයේ ජනප්‍රිය පාසලකින් ලැබෙන සේවය විශාල මුදල්ක් වැය කරමින් පවා මෙකී ජාත්‍යන්තර පාසල්වලින් ලබා ලබාගන්නට පුළුවන් කමක් නැත. මෙකී පාසල් බොහෝමයක්ට ඇති මූලික අඩුවක් වන්නේ සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැති වීම සහ ගුරුවරුන් නිතර වෙනස් වීම්යි. ගුරුවරුන් නිතර වෙනස් වීම්ට හේතුව වන්නේ ඔවුනට ලැබෙන්නේ සොච්චම් වැටුප්ක් වීම්යි. සුදුසුකම් සපිරූ ගුරුවරුන් ඒවාට ආකර්ෂණය නොවන හේතුව ද අඩු වැටුපයි.
පෞද්ගලික අධ්‍යාපනය ඇතිවන්නට ඉඩ දී මෙරට සියලු ආණ්ඩු බලා සිටි නමුත් පෞද්ගලික පාසල් නියාමනයට හෝ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඒවා ලියා පදිංචි කර ගැනීමට හෝ මෙතෙක් කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැත. එහෙයින්පෞද්ගලික පාසල් අධ්‍යාපනයට යොමු වූ සිසුන්ට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයකි.විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා වන බදු ද ගෙවමින් තමන්ගේ වියදමෙන් අධ්‍යාපනය ලබන එම පිරිස් සම්බන්ධව ආණ්ඩුවල අවධානය විශේෂයෙන් යොමුව විය යුතුය. හේතුව එම පිරිස් ආණ්ඩුව යම් බරකින් නිදහස් කර ඇති බැවිනි .
මෙකී තත්ත්වය තුළ ජනප්‍රිය අර්ධ රාජ්‍ය පාසල් වල් ශාඛා බිහි වන්නේ නම් එය ආණ්ඩුවේ පාසල් නොව පෞද්ගලික ජාත්‍යන්තර පාසල් කඩ වැසී යාමට නම් බලපානවා ඇත.අධ්‍යාපනයේ ඇති නැති පරතරය පියවීමට ගත හැකි එක් පියවරක් වන්නේ ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකියි පිරිස් එසේ කිරීමට පොළඹවා ලීමයි . එවිට එමගින් ඉතිරි කර ගන්නා මුදල් දුෂ්කර පාසල් සංවර්ධනය වෙනුවෙන් යොදවන්නට ආණ්ඩුවට හැකියාව ලැබේ. නමුත් මෙරට ආණ්ඩු කරමින් ඉන්නේ ඇති නැති සැමට එක හැන්දෙන් බෙදීමෙනි.ඒ හේතුව නිසාවෙන් රජයේ වියදමින් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉහළට නැගි පිරිසක් උසස් පාසල් වලට දරුවන් ද රිංගවා ගනිමින් දුප්පතාගෙ බදු මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබා දෙමින් වක්‍රාකාරව සූරාකෑම නිරතව සිටිති.
වත්මන් ආණ්ඩුව ද එම අසාධාරණය වැඩි වර්ධනය කරන පිළිවෙතක පිහිටා කටයුතු කරන බව පෙනේ. ඉහත කැබිනට් පත්‍රිකාවෙන් ම ආණ්ඩුව දැන්ට ආණ්ඩුවේ අනුග්‍රහයය නොලබන පෞද්ගලික පාසල් 13ක ගුරු වැටුප් ගෙවීම්ට ඉදිරිපත්වී ඇතැයි කියවේ. එකී පාසල් 13ට ගම්පහ සිරි සුමේධ විදුහල, මීගමුව බෝලවලාන ආවේ මරියා විදුහල, කුණ්ඩසාලේ ආනන්ද බෞද්ධ විද්‍යාලය, පියගල සුරදුතික බාලිකා විද්‍යාලය , බියගම සිරිසුමන බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියා එන් .සි .ඊ .එෆ් බෞද්ධ විද්‍යාලය, මාතර මිනර්වා විද්‍යාලය,අනුරාධපුර ශ්‍රී රාහුල, මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය, පිටකෝට්ටේ ජය ඉන්ද්‍රසිරි විද්‍යාලය,කුරුණෑගල මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සහ කැලණිය විද්‍යා විද්‍යාලය අයත් බව කියැවේ.
එකී විද්‍යාල වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව අනුව මෙකී විදුහල්වල ගුරුවරුන් 380 එකක් වෙනුවෙන් රුපියල් මිලියන 160ක දැවැන්ත මුදලක් වාර්ෂිකව ගෙවීමට සූදානම් ය. මේවා පෞද්ගලික පාසල් මෙන්ම ඉහළ පහසුකම් සහිත පාසල් ද වන්නේය. එකී පාසල්වල ඉගෙනුම ලබන්නේ විය පැහැදම් කළ හැකි උසස් නිලතල ඇත්තන්ගේ බහුතර ශිෂ්‍ය පිරිසකි. යම් මුල්‍ය ප්‍රශ්නයක් ඇති සිසුන් එම පාසලක සිටී නම් රජයේ අවධානය යොමු කිරීම ගැටලුවක් නැතත් වැසිකිළියක්, වතුර ටිකක් නැතුව ඉගෙනුම ලබන දරුවන් ඇති රටක පෞද්ගලික පාසල් ගුරුවරුන් 381 නඩත්තුවටට වාර්ෂිකව රුපියල් මිලියන 160ක් දෙන්නට යාම කොළඹට කිරි ගමට කැකිරි පිළළිවෙත වැඩිද දියුණු කිරීමකි.
ඒ අනුව කැබිනට් පත්‍රිකාව මගින් උත්සාහ කරන්නේ ජනප්‍රිය අර්ධ රාජ්‍ය පාසල් ගමට යාම පෙන්වා පෞද්ගලික පාසල්වලට මුදල් බෙදීමද ද යන්න යන්න කල්පනා කළ යුතුය. එපමණක් නොව මෙතෙක් කිසිම ආණ්ඩුවකට නොතිබූ රුදාවක් මේ රජයට පෞද්ගලික පාසල් ගැන ඇතිවීම විමසා බැලිය යුතු ය. ඒ සම්බන්ධව ගුරු සංගම් එල්ලකරන විරෝධය ප්‍රාණවත් බැවින් තොර වුවද එය ශක්තිමත් කිරීමට ජනතාව වගබල බලා ගත යුතුය .
