ආර්ථික අර්බුදය බරපතලයි ; අයි එම් එෆ් තිත්ත බෙහෙත් බොන්න ලෑස්තිවෙන්න – ආචාර්ය සමන් කැලේගම .

වසර ගණනාවක් තිස්සේ සිදුකල වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිපල වසයෙන් ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින ආර්ථික අර්බුදය බරපතල බවත් එයට විසදුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම පමණක් බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා කොළඹ පවතී සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කොට ඇත . මෙම අර්බුදය අරඹ වන්නේ 2012දී පමණ බවත් දැන් එය බරපතල වී…

හොඳ අසල්වැසියන් වර්ධනයට රුකුලක් – ජෝසප් ස්ටිග්ලිට්ස්

නොබෙල් සම්මානලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවට වර්ධනය දිරි ගන්වා ගැනීම සඳහා ඉන්දියාව සමග සම්බන්ධ විය හැකි ය. එසේම, හරිත ආර්ථික ව්‍යවසාය කෙරෙහි අවධානය යොමු කළ හැකි අතර ආදායම් වර්ධනය කර ගැනීම සඳහා කාබන් බදු භාවිතා කළ හැකි ය. ඔහු මේ බැව් සඳහන් කළේ පසුගියදා කොළඹදී පැවති ආර්ථික සංසදයේදී ය. “ශ්‍රී ලංකාව පිහිටා…

ශ්‍රී ලංකාව ඉදිරියේ අභියෝග පහක් – මහාචාර්ය රිකාඩෝ හවුස්මන්

‘ශ්‍රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට’ යන මැයෙන් පසුගියදා කොළඹදී පවත්වන ලද සංසදය ඇමතූ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා හා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෝන් එෆ්. කෙනඩි රාජ්‍ය විද්‍යාලයේ ආර්ථික සංවර්ධන භාවිතාවන් පිළිබඳ මහාචාර්ය රිකාඩෝ හවුස්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන මාවත විශ්ලේෂණය කරමින් රට ඉදිරියේ ඇති අභියෝග සම්බන්ධයෙන් සමබර දැක්මක් ඉදිරිපත් කළා. “ලතින් ඇමරිකාවේ සිට…

කලාපයේ වඩාත් ම තරගකාරී ආර්ථිකය හදන්න අපට පුළුවන් – අගමැති රනිල් වික්‍රමසිංහ

‘ශ්‍රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට’ යන මැයෙන් පසුගියදා කොළඹදී පවත්වන ලද සංසදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ලද කතාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික බලාපොරොත්තු ප්‍රකාශයට පත් වුණා. දැන් දේශපාලනය අවසන් බව ද සිය ධුර කාලයේ ඉතිරි වකවානුව තුළදී ආර්ථිකය පිළිසකර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ද ඔහු පැවසුවා. “මෙය ශ්‍රී ලංකාවට…

ලංකාවේ බලාපොරොත්තු තිබෙන්නේ එදිරිවාදී වාතාවරණයකයි – ජෝර්ජ් සෝරෝස්

‘ශ්‍රී ලංකාව ධරණීය හා ඇතුළත් කරගන්නාසුළු සංවර්ධනයක් දෙසට‘ යන මැයෙන් සංසදයක් 2016 ජනවාරි දා කොළඹදී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ අනුග්‍ර‍හයෙන් පැවැත්වුණු මෙම සංසදය සංවිධානය කරනු ලැබුවේ ජෝර්ජ් සෝරෝස් පදනම විසිනුයි. ජාත්‍යන්තර ව්‍යාපාරික ජෝර්ජ් සෝරෝස්, නොබෙල් සම්මානලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් හා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගතකු වන රිකාඩෝ හවුස්මන් මෙම සම්මන්ත්‍ර‍ණයේදී සංවර්ධනය පිළිබද සිය අදහස්…

දුම්රිය හරි පීල්ලට දා ගන්නට නම් – ජේෂ්ඨ කථිකාචාර්ය ටී . ලලිතසිරි ගුණරුවන්

පසුගිය ජනාධිපතිවරණයේ දී පෙර සිටි ආණ්ඩුවට එරෙහිව එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වූයේ වරාය, ගුවන් තොටුපොළ, මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඇතුළු මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලදී මහජන මුදල් අයථා පරිහරණයයි. එහිදී චෝදනාව වූයේ මෙම ව්‍යාපෘති විදේශීය ද්වීපාර්ශ්වික ණය මත සිදු කිරීමත්, එම නිසා ඒවාට තරගකාරී ලෙස ඉල්ලූම් ලබාගැනීමට නොහැකි වීම මෙන්ම දේශීය වශයෙන් අගය එකතු…

පොකුරු ගම්මාන හොඳ සංකල්පයක්- ආචාර්ය රොහාන් සමරජීව

කාර්යක්ෂමතාවය සහ සැපයුම් දාම කියන කාරණා දෙක පළවෙනි කොටසේ දී සාකච්ඡා කළෙමි. එය යටතේ මේ සාකච්ඡාව මෙතනින් එහාට ගෙනයා හැක. ඵලදායිත්වය වැඩි කිරීම පිළිබඳව මේ ආණ්ඩුව යෝජනා කරන්නේ කුමක් ද? ආණ්ඩුවේ ප්‍රධානතම යෝජනා මෙසේ ය. අපේ ග්‍රාමසේවක වසම් 14022 ගොණුකර පොකුරු ගම්මාන 2500ක් එක්කර, ග්‍රාමීය සංවර්ධන ඒකක ගොඩනගන්නට අදහසක් ඇත. මේවායේ යටිතල සහසුකම් දියුණු කරනවා…

රාජ්‍ය ආයතන විකුණාගෙන කෑම වැරදි වගෙම මරාගෙන කෑමත් වැරදියි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ලලිතසිරි ගුණරුවන් .

“අපි යන්න ගිය ’දේශීය ආර්ථිකයක් කරා’ කියන ගමන නැවතුනේ ජේ.ආර්. නිසා’ කියල කිව්වොත්. ඒකට එක`ග වෙන්න පුලූවන් යම් දුරකට පමණයි. ජේ.ආර්. ගෙන් වෙච්ච නැති ලිබරල්වාදී පැතිකඩක් ඊට පසු කාලවලදි අපි දැක්ක. වතු පුද්ගලික අංශයට පැවරෙන්නේ 1980 ගණන් අග භාගයේ දී හා 1990 ගණන් මුල්භාගයේදී. ලංගම කෑලිවලට කඩා පොකුරු බස් සමාගම් බවට පත්වෙන්නේ ඊටත් පස්සෙ. 1994…

අය වැයෙන් රටේ ආර්ථිකයට නව පදනමක් (1 වෙනි කොටස) ආචාර්ය රොහාන් සමරජීව

මීට පෙර ඉදිරිපත්වූ අය වැය යෝජනාවලට වඩා මේ අයවැය යෝජනාවල යම් වෙනසක් ඇති බව ප්‍රථමයෙනන්ම කිව යුතු ය. අය සහ වැය කියන සංකල්පය ලංකාවේ සෑහෙන දුරට මහජනයාගේ චින්තනයේ මෙන්ම ප්‍රායෝගිකව ද ගත් කළ බොහොම අයාලයේ ගිය සංකල්ප දෙකකි. සමාගමක් ගතහොත් ඒ සමාගමේ දිශානතිය ඒ වගේම ප්‍රමුඛතාවයන් මොනවාද යන්න දැකගත හැකි එක් ක්‍රමයක් වන්නේ ඒ සමාගමේ…

සොච්චම් බඩුමිල අඩුකිරීමක් කරලා ජනතාව මත විශාල බදු බරක් පටවලා. – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මේ අයවැය තුළ 2016 අපේක්‍ෂිත ආදායම රුපියල් බිලියන 2047ක්. වියදම ගත්තොත් බිලියන 2787යි. මේ අනුව බලනවිට අයැවය හිඟය රුපියල් බිලියන 740යි. මේවා ආණ්ඩුවේ අපේක්‍ෂිත ඉලක්කයි. ඇත්තම ගත්තොත් මේ ආදායම් ලැබෙන්නේ නැහැ. වියදම වැඩි වෙනවා. මේක සුපුරුදු තත්වයක්. මේ නිසා පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් පියවාගන්න වෙනවා. 2015 අයවැය හිඟය රුපියල් බිලියන 675යි. අයවැය හිඟය වැඩිවෙලා. වියදම්…

අපනයන සංවර්ධනයට අයවැය යහපත් – අපනයනකරුවන්ගේ සංගමය .

අපනයන දිරිගැන්වීමට යහපත් පරිසරයක් මෙම අයවැය මගින් බිහිකර ඇති බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය කියයි .උවුන් කියන්නේ අයවැය මගින් අපනයන දිරිගන්ව ඇති බවයි .එසේ වුවද තවත් බොහෝ දේ කලයුතු බව කියන්නේ “රෝමය ගොඩනැගුවේ එක දිනකින් නොවන ” බව මතක් කිරීමද යහපත් බවයි .

මුල්‍ය ක්‍රමය ස්ථාවර කරන්න සැලසුමක් අයවැයේ නැහැ – “ෆිච්ට් රේටින්” නිවේදනයකින් කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුවේ 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිසන්කරන ආරම්භ කීරීම යහපත් වුවද මුල්‍ය ක්‍රමය ස්ථාවර කිරීමේ සැලසුමක් නොමැතිවීම බරපතළ අඩුවක් බව ලොව ප්‍රකට ශ්‍රේනිගතකිරීමේ ආයතනයක් වන ෆිච්ට් රේටින් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත . විදේශීය වත්කම් සපයා ගනිමින් මුල්‍ය ක්‍රමය ස්ථාවර කර ගැනීමේ අවශ්‍යතාවය එමගින් අවධාරණය කොට තිබිණි .එය සිදු නොවුවහොත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය…